MAIN MENU

Cash Bonanza 2017 FAQ's

කෑෂ් බොනැන්සා යනු කුමක්ද?
 
කෑෂ් බොනැන්සා යනු මොබිටෙල් ග්‍රාහකයින් හට මාසිකව නවීන මොන්ටේරෝ රථයක් සහ නොමිලේ ඇමතුම් කාලයන් දෛනිකව දිනාගැනීමේ අවස්ථාව උදාකර දෙන ප්‍රවර්ධන වැඩසටහනකි. 
 
මෙම දිනුම් ඇදීමට ඇතුළත් වීම සඳහා මා සපරාලිය යුතු සුදුසුකම් මොනවාද?
 
  • ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිකරුවකු විය යුතුය.
  • වලංගු ක්‍රියාකාරී පෙරගෙවුම්, පසුගෙවුම් හෝ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයක් සතු විය යුතුය.
  • අදාළ සබඳතාවය ග්‍රාහක ඉල්ලීම මත විසන්ධි කොට හෝ ග්‍රාහක ගිවිසුමෙහි අංක 7 වගන්තිය යටතේ සේවය අත්හිටුවා නොපැවතිය යුතුය.
  • අදාළ ගිණුම යටතේ කිසිදු හිඟ මුදලක් නොපැවතිය යුතුය.
  • පෙර වැඩසටහන් වලදී ජයග්‍රාහණය කළ ග්‍රාහකයින් නොවිය යුතුය.
ඉහත අවම සුදුසුකම් අව්‍යශතා සපුරාලන්නා වූ ග්‍රාහකයින් දිනුම් ඇදීම සඳහා ඇතුළත් කෙරේ.
 
මෙම දිනුම් ඇදීම සඳහ මා හට සුදුසුකම් ලබාගත හැක්කේ කෙසේද?
 
රීචාර්ජ් කරන ලද හෝ බිල්පත් වටිනාකම වශයෙන් ගෙවන ලද සෑම රු. 50 ක් මගින්ම ග්‍රාහකයින් හට දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබාගත හැක. එක් එක් රු. 50 රීචාර්ජ් හෝ බිල්පත් ගෙවීමක් සඳහා එක් ඇතුළත්වීමේ වාරයක් බැගින් හිමි වේ. මොබිටෙල් ග්‍රාහකයකු වශයෙන් සම්බන්ධව සිටි වසර ගණන අනුව දිනුම් ඇදීම සඳහා වන ඔබේ අවස්ථාවන් ගුණාකාර වශයෙන් වර්ධනය වේ. 
 
උදා :
 
ජංගම දුරකථන අංකය 0712755777
කාලසීමාව වසර 5යි
ගෙවීම රු 1000
දිනුම් ඇදීම සඳහා වන අවස්ථා
   
100  (1000/50) = 20
 (අවස්ථා 20X5 = 100)
 

 

මෙහිදී ලබාදෙන ත්‍යාග මොනවාද?
 
කෑෂ් බොනැන්සා වැඩසටහන මගින් වසර පුරා පහත දැක්වෙන ත්‍යාග පිරිනමනු ලැබේ.
 
  • රු මිලියන 15 ක් වටිනා නව මොන්ටේරෝ ජීප් රථ 12 
  • රු 500 දක්වා නොමිලේ ක්ෂණික ඇමතුම් කාලයන්
 
මෙම වැඩසටහන ක්‍රියාත්මකව පවතින කාලසීමාව කුමක්ද?
 
2017 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා වැඩසටහන ක්‍රියාත්මකව පවතී.
 
මා විසින් එක්රැස් කරගන්නා ලද ක්ෂණික තෑගි සහ මාසික දිනුම් ඇදීමේ අවස්ථා මා හට පරීක්ෂා කළ හැකිද?
 
ඔව් ඔබේ ජංගම දුරකථනයෙන් #151# ඇතුළත් කිරීමෙන් අදාළ තොරතුරු දර්ශනය වේ. 
 
මා කෑෂ් බොනැන්සා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයකු බවට පත් වුවහොත් ඒ බව මා වෙත දන්වනු ලබන්නේ කෙසේද?
 
  • ක්ෂණික ඇමතුම් කාල ජයග්‍රාහකයන්
මොබිටෙල් වෙතින් කෙටි පණිවුඩයක් ඔස්සේ ජයග්‍රාහකයින් වෙත දැනුම් දෙනු ඇත.
 
  • මාසික දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින් 
  අපගේ පාරිභෝගික සේවා අංකය වන 0712755777 ඔස්සේ ලබාදෙන ඇමතුමක් මගින් ජයග්‍රාහකයින් වෙත දැනුම් දෙනු ලබන අතර ඉන් අනතුරුව ඔහුගේ/ඇයගේ ත්‍යාගය ලබාැගැනීමේ අවස්ථාව ලිපියක් මගින් තහවුරු කෙරේ.
 
සටහන - කිසිදු තත්වයක් යටතේ ජයග්‍රාහකයින් වෙත පුද්ගලික ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන අංක ඔස්සේ දැනුම්දීම් සිදුනොකෙරේ.
 
දිනුම් ඇදීම් වලදී මාගේ ජයග්‍රාහී ත්‍යාග ලබාගන්නේ කෙසේද?
 
  • ඔබ ක්ෂණික ඇමතුම් කාල ජයග්‍රාහකයකු නම් නොමිලේ ලබා දෙන ඇමතුම් කාලය ඔබේ ජංගම දුරකථන අංකයට එක් කෙරෙනු ඇත.
  • ඔබ මාසික දිනුම් ඇදීමේ ජයග්‍රාහකයකු නම් ත්‍යාග පිරිනැමීමේ දිනය සහ ක්‍රියාපටිපාටිය 0712755777 ඔස්සේ ලබා දෙන ඇමතුමකින් සහ ලිපියකින් දැනුම් දෙනු ඇත.
 
මෙම වැඩසටහනට අදාළ කොන්දේසි මොනවාද? 
 
ග්‍රාහක නිර්ණය ආශ්‍රිත කොන්දේසි
පහත දැක්වෙන කාණ්ඩයන්ට ඇතුළත් ග්‍රාහකයින් මේ සඳහා සුදුසුකම් නොලබනු ඇත.
 
  • ශ්‍රී ලංකාවේ පදිංචි නොවන අයවළුන්.
  • ජයග්‍රාහකයින් තහවුරු කරන අවස්ථාවේදී තාවකාලිකව විසන්ධි කරන ලද හෝ ඔවුන්ගේ ඉල්ලීම මත ස්ථීරව අක්‍රීය කරන ලද සබඳතා සහිත ග්‍රාහකයින්
  • ග්‍රාහක ගිවිසුමෙහි අංක 7 වගන්තිය යටතේ දක්වා ඇති මොබිටෙල් අත්හිටුවීමේ/විසන්ධි කිරීමේ ක්‍රියා පටිපාටිය අනුව අවසන් කරන ලද ඕනෑම සබඳතාවක්.
  • මොබිටෙල් කාර්ය මණ්ඩලය, මොබිටෙල්හි සැපයුම්කරුවන් සහ ව්‍යාපාරික සහකරුවන්, ප්‍රචාරණ ආයතනය සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන් නමින් ලියාපදිංචිව ඇති දුරකථන අංක.
  • මොබිටෙල් සමාගම මගිින් සංවිධානය කරන ලද පෙර තෑගි තරග වල ජයග්‍රාහකයින් මෙම දීමනාව සඳහා සුදුසුකම් නොලබයි.
  • ක්ෂණික ඇමතුම් කාල දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින් වැඩසටහන් කාලසීමාව තුළ දිනපතා පැවැත්වෙන ක්ෂණික අමතුම් කාල දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් නොලබන නමුත් මාසික දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලබයි.
  • මාසික දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා පසුව පැවැත්වෙන කිසිදු දිනුම් ඇදීමුක් සඳහා සුදුසුකම් නොලබයි.
  • මොබිටෙල් සමාගම මගිින් සංවිධානය කරන ලද පෙර තෑගි තරග වල ජයග්‍රාහකයින් මාසික ජයග්‍රාහී දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් නොලබයි.
 
ග්‍රාහක නිශ්චය කිරීමේ මට්ටම් පදනම් කොටගත් කොන්දේසි 
 
  • තෝරාගනු ලැබූ ජයග්‍රාහී අංකය වෙනත් අයකු (දෙවන පාර්ශවයක්) විසින් භාවිත කරනු ලබන අවස්ථාවකදී අදාළ ත්‍යාගය පිරිනමනු ලබන්නේ මුල් ග්‍රාහකයා වෙත පමණි. ජයග්‍රාහකයා නිශ්චය සහ තහවුරු කරනු ලබන අවස්ථාවේදී භාවිත කරනු ලබන පාර්ශවය විසින් මුල් ග්‍රාහක තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව අදාළ මුල් ග්‍රාහකයා වෙත තිළිණය ප්‍රදානය කෙරේ.
  • ජයග්‍රාහී මුදල් ත්‍යාගය ලබාගැනීම සඳහා ජයග්‍රාහකයින් තිළිණ ප්‍රදානෝත්සවයේදී තමන් විසින්ම ඉදිරිපත් විය යුතුවේ.
  • ජයග්‍රාහකයින් වෙත දුරකථන ඇමතුම් ඔස්සේ දැනුම්දීම් සිදුකෙරෙන අතර අවශ්‍ය වුවහොත් ලියාපදිංචි ලිපිනය වෙත තහවුරු කිරීමේ ලිපියක් යවනු ලැබේ.
  • තෝරා ගන්නා ලද ජයග්‍රාහකයා වෙත ළඟාවිය නොහැකි අවස්ථාවකදී පැය 6ක් ඇතුළත දුරකථනය ඔස්සේ තෙවරක් සම්බන්ධ වීමේ ප්‍රයත්නයන් දරනු ලබන අතර, එහිදීද ළඟා විය නොහැකි නම් සකසන ලද වාර්තාවේ ඊළඟ අංකය ජයග්‍රාහකයා වශයෙන් තෝරා ගැනේ. මෙහිදී පෙර සටහන් අංකය අදාළ දිනුම් ඇදීමෙන් ඉවත කරණු ලබන අතර එළඹෙන දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලැබීමේ සංචිතයට නැවත ඇතුළත් කෙරේ.
 
ත්‍යාග ඛෙදාහැරීම ආශ්‍රිත කොන්දේසි
 
  • ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග ජංගම දුරකථනය වෙත බැර/එක් කෙරෙන අතර ඒවා මුදල් බවට හරවා ගත නොහැක.
  • සෑම ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග දිනුම් ඇදීමකම ජයග්‍රාහකයින් ස්වයංක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ තෝරාගනු ලබන අතර මාසික දිනුම් ඇදීම් වල ජයග්‍රාහකයින් සාමාන්‍ය පරිදි තෝරා ගැනේ. එහිදී අදාළ දිනුම් ඇදීම මොබිටෙල් අභ්‍යන්තර විගණන අංශය සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තු නියෝජිතයන් ඉදිරියේ සිදුකෙරේ.
  • ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග දිනුම් ඇදීමක ජයග්‍රාහකයකු මාසික දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලබයි. ඔහු/ඇය ප්‍රවර්ධන කාලසීමාව ඇතුළත ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග දිනුම් ඇදීම සඳහා සුදුසුකම් නොලබයි.
  • මාසික දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා කිසිදු දිනුම් ඇදීමක් සඳහා සුදුසුකම් නොලබයි.
 
පොදු කොන්දේසි 
 
  • කිිසිදු අවස්ථාවකදී ත්‍යාග පිළිබඳ සාකච්ඡා වලට එළඹිය නොහැක.
  • ප්‍රවර්ධන කාලසීමාව ඇතුළත සිදුවිය හැකි ඕනෑම තාක්ෂණික දෝෂයක් සම්බන්ධයෙන් මොබිටෙල් වගකීමෙන්  නිදහස් කිරීමට සහභාගීවන්නන්් එකඟත්වය පළ කරයි.
  • ජයග්‍රාහකයා තෝරා ගැනීමේ අයිතිය මොබිටෙල් සතු වන අතර අදාළ තීරණය අවසාන තීරණය වේ.
 
 
 
සුදුසුකම් ලැබීමේ ක්‍රියාපටිපාටිය සහ දිනුම් ඇදීම්
 
  • ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග/මාසික දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලැබීමට ග්‍රාහකයා විසින් රු 50 ක අවම රීචාර්ජ්/රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමක් සිදුකළ යුතු වේ.
  • ග්‍රාහකයා විසින් රු.50 රීචාර්ජ්/රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කොට ඇති නම් එක් එක් රු.50 රීචාර්ජ්/රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමක් සඳහාම දිනුම් ඇදීමේදී එක් දිනුම් අවස්ථාව බැගින් හිමි වන අතර, එය සම්බන්ධ වු දිනය පිරික්සීමෙන් අනතුරුව සබඳතාවය පවත්වා ගන්නා ලද වසර ගණනින් ගුණ කෙරේ.
 
 
ජංගම දුරකථන අංකය 0712755777
කාලසීමාව වසර 5යි
ගෙවීම රු 1000
දිනුම් ඇදීම සඳහා වන අවස්ථා
    
100  (1000/50) = 20
 (අවස්ථා 20X5 = 100)
 

 

ත්‍යාග ඛෙදාහැරීමේ ක්‍රමවේදය
 
එක් එක් කාණ්ඩය සඳහා දිනුම් ඇදීම් වල ත්‍යාග ඛෙදාහැරීම පහත දැක්වෙන ආකාරයෙන් සිදුකෙරේ.
 
ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග
 
පසුගෙවුම් ග්‍රාහකයින් සඳහා ඔවුන්ගේ ඇමතුම් ගාස්තු අදාළ බිලෙන් පියවීම සඳහා ත්‍යාග මුදල භාවිත කෙරෙන අතර, පෙරගෙවුම් ග්‍රාහකයින් වෙත ඔවුන්ගේ ගිණුම වෙත නොමිලේ ඇමතුම් කාලය වශයෙන් ත්‍යාගය පිරිනමනු ලැබේ.
 
මාසික දිනුම් ඇදීම්
 
  • ලියාපදිංචි ජයග්‍රාහකයා විසින් පිළිගනු ලැබීමට පෙරාතුව ජයග්‍රාහී ත්‍යාග මාරු කළ නොහැක.
  • අදාළ ජයග්‍රාහකයා සහ නියෝජිතයා යන දෙදෙනම විසින් ඉදිරිපත් කරනු ලබන වලංගු හේතුවකින් තොරව ජයග්‍රාහකයා වෙනුවෙන් ජයග්‍රාහී ත්‍යාග නියෝජිතයකු වෙත පිරිනමනු නොලැබේ නියෝජිතයා විසින් මුල් ග්‍රාහකයාගෙන් ඉල්ලූම් කිරීමේ ලිපියක් සහ ජාහැප/ගමන් බලපත්‍රය/රියැදුරු බලපත්‍රය මුල් පිටපතක් හෝ ඉහත ලේඛණ වල අධිකාරිලත් පුද්ගලයකු (ග්‍රාම නිලධාරී හෝ සාම විනිසුරු) විසින් සහතික කරන ලද පිටපතක් අදාළ සිම්පතද සමග ත්‍යාගය ලබාගන්නා අවස්ථාවේදී භෞතික වශයෙන් භාරදිය යුතු වේ.
  • ත්‍යාගය ලබාගැනීම සඳහා ජයග්‍රාහකයා සිය ජාතික හැඳුනුම්පත, ගමන් බලපත්‍රය හෝ රියැදුරු බලපත්‍රය සහ අදාළ ත්‍යාග ලබාගැනීම සම්බන්ධ තහවුරු කිරීමේ ලිපිය සමග මොබිටෙල් ප්‍රධාන කාර්යාලය හෝ මොබිටෙල් වෙතින් පූර්ව නිර්දේශිත ස්ථානයක් වෙත තමන්ම පැමිණිය යුතු වේ. 
 

 

 

Looking for...

සැලසුම් සහ සේවා