MAIN MENU

Cash Bonanza 2018

 

කෑෂ් බොනැන්සා යනු කුමක්ද?

කෑෂ් බොනැන්සා යනු මොබිටෙල් ග්‍රාහකයින් හට නවීන බෙන්ස් රථසහ නොමිලේ ඇමතුම් කාලයන් දිනාගැනීමේ අවස්ථාව උදාකර දෙන ප්‍රවර්ධන වැඩසටහනකි

 

මෙම දිනුම් ඇදීමට ඇතුළත් වීම සඳහා මා සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද?

  • ඔබ ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතුය
  • ඔබට වලංගු ක්‍රියාකාරී පෙර ගෙවුම්, පසු ගෙවුම් හෝ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයක් සතු විය යුතුය.
  • අදාළ සබඳතාවය ග්‍රාහක ඉල්ලීම මත විසංධි  කොට හෝ ග්‍රාහක ගිවිසුමෙහි අංක 7 වගන්තිය යටතේ සේවය අත්හිටුවා නොමැති විය යුතුය.
  • ඔබ අදාල ගිණුම හෝ ජා. හැ. ප. යටතේ කිසිඳු හිඟ මුදලක් නොමැති විය යුතුය
  • ඔබ පෙර වැඩසටහන් වලදී ජයග්‍රහණය කළ ග්‍රාහකයකු නොවිය යුතුය

ඉහත සඳහන් අවම සුදුසුකම් සපුරාලන පුද්ගලයන් පමණක් දිනුම් ඇදීම සඳහා ඇතුළත් වේ

 

මෙම දිනුම් ඇඳීම සඳහා මා හට සුදුසුකම් ලබාගත හැක්කේ කෙසේද?

රිචාජ් කරන ලද හෝ බිල්පත් වටිනාකම වශයෙන් ගෙවන ලද සෑම රු. 50 කටම දිනුම් ඇඳීම සඳහා එක් අවස්ථාව බැගින් හිමිවේ. මොබිටෙල් ග්‍රාහකයකු වශයෙන් සම්බන්ධව සිටි වසර ගණන අනුව දිනුම් ඇදීම සඳහා වන ඔබේ අවස්ථාවන් ගුණාකාර වශයෙන් වර් ධනය වේ

උදා-

ජංගම දුරකථන අංකය

0712755777

කාලසීමාව

5 years

ගෙවීම

රු. 1000

දිනුම් ඇදීම සඳහා වන අවස්ථා

100 (1000/50 = 20)

(අවස්ථා 20 x 5 = 100)

 

මෙහිදී ලබාදෙන ත්‍යාග මොනවද?

  • ප්‍රධාන ත්‍යාගය

නවීන බෙන්ස් රථයක්

 

  • ක්ෂණික ත්‍යාග

රු. 500 වටිනා කතා කාලයක්

 

මෙම වැඩසටහන ක්‍රියාත්මකව පවතින කාලසීමාව කුමක්ද?

2018 ජනවාරි 1 දිනසිට 2018 දෙසැම්බර් 31 දින දක්වා වැඩසටහන ක්‍රියාත්මකව පවතී

 

මා විසින් එක්කර ගන්නා ලද ක්ෂණික ත්‍යාග සහ දිනුම් ඇදීමේ අවස්ථා මා හට පරික්ෂා කල හැකිද?

ඔව්. ඔබේ ජංගම දුරකතනයෙන් #151# ඇතුලත් කිරීමෙන් අදාල තොරතුරු දර්ශනය වේ

 

මා කෑෂ් බොනැන්සා දිනුම් අඳිමේ ජයග්‍රාහකයකු බවට පත් වුවහොත් ඒ බව මා වෙත දන්වනු ලබන්නේ කෙසේද?

  • ප්‍රධාන ත්‍යාග ජයග්‍රාහකයන්

අපගේ පාරිභෝගික සේවා අංකය වන 0712755777 ඔස්සේ ලබා දෙන ඇමතුමක් මගින් ජයග්‍රාහකයන් වෙත දැනුම් දෙනු ලැබේ

 

  • ක්ෂණික ත්‍යාග ජයග්‍රාහකයන්

මොබිටෙල් වෙතින් කෙටි පණිවිඩයක් ඔස්සේ ජයග්‍රාහකයන් වෙත දැනුම් දෙනු ඇත

 

කිසිඳු අවස්ථාවකදී ජයග්‍රාහකයින් පෞද්ගලික ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන මගින් සම්බන්ධ කරගනු නොලැබේ

 

දිනුම් ඇඳීම් වලදී මාගේ ජයග්‍රාහී ත්‍යාග ලබා ගන්නේ කෙසේද?

  • ප්‍රධාන ත්‍යාග ජයග්‍රාහකයන්

ත්‍යාග පිරි නැමීමේ දිනය සහ ක්‍රියාපටිපාටිය 0712755777 ඔස්සේ ලබාදෙන ඇමතුමකින් සහ ලිපියකින් දැනුම් දෙනු ඇත

 

  • ක්ෂණික ත්‍යාග ජයග්‍රාහකයන්

නොමිලේ ලබාදෙන ඇමතුම් කාලය ඔබේ ජංගම දුරකථනයට‍ එක් කරනු ඇත

 

මෙම වැඩසටහනට අදාල කොන්දේසි මොනවාද?

 

  1. ග්‍රාහක නිර් ණය ආශ්‍රිත කොන්දේසි
  • ශ්‍රී ලංකාවේ පදිංචි නොවන අයවළුන්
  • ජයග්‍රාහකයින් තහවුරු කරන අවස්ථාවේදී තාවකාලිකව විසංධි කරන ලද හෝ ඔවුන්ගේ ඉල්ලීම මත ස්ථිරව අක්‍රීය කරන ලද සබඳතා සහිත ග්‍රාහකයින්
  • ග්‍රාහක ගිවිසුමෙහි අංක 7 වගන්තිය යටතේ දක්වා ඇති අත්හිටුවීමේ/විසංධි  කිරීමේ ක්‍රියාපටිපාටිය අනුව විසංධි කරන ලද ඕනෑම සම්බඳතවක්
  • මොබිටෙල් කාර් ය මණ්ඩලය, මොබිටෙල්හි සැපයුම්කරුවන් සහ ව්‍යාපාරික සහකරුවන්, ප්‍රචාරණ ආයතනය සහ ඔවුන්ගේ සමීපතම ඤාතින් නමින් ලියපදිංචිව ඇති දුරකථන අංක
  • මොබිටෙල් සමාගම සංවිධානය කරන ලද පෙර තෑගි තරඟවල ජයග්‍රාහකයින්

මෙම වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.

  • ක්ෂණික ඇමතුම් කාල දිනුම් ඇඳීමේ ජයග්‍රාහකයින් වැඩසටහන් කාලසීමාව තුළ දිනපතා පැවැත්වෙන ක්ෂණික ඇමතුම් කාල දිනුම් ඇඳීම සඳහා සුදුසුකම් නොලබන නමුත් ප්‍රධාන දිනුම් ඇඳීම සඳහා සුදුසුකම් ලබයි
  • ප්‍රධාන දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා පසුව පැවැත්වෙන කිසිඳු දිනුම් ඇදීමක් සඳහා සුදුසුකම් නොලබයි
  • මොබිටෙල් සමාගම මගින් සංවිධානය කරන ලද පෙර තෑගි තරඟ වල ජයග්‍රාහකයින් මාසික ජයග්‍රාහී දිනුම් ඇදීම සඳහා සුදුසුකම් නොලබයි

 

  1. ග්‍රාහක නිශ්චය කිරීමේ මට්ටම් පදනම් කොටගත් කොන්දේසි
  • තෝරාගනු ලැබූ ජයග්‍රාහී අංකය වෙනත් අයකු (දෙවන පාර්ශවයක්) විසින් භාවිතා කරනු ලබන අවස්ථාවකදී අදාල ත්‍යාගය පිරිනමනු ලබන්නේ මුල් ග්‍රාහකයා වෙත පමණි. ජයග්‍රාහකයා නිශ්චය සහ තහවුරු කරනු ලබන අවස්ථාවේදී භාවිතා කරනු ලබන පාර් ශවය විසින් මුල් ග්‍රාහක තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව අදාල මුල් ග්‍රාහකයා වෙත තිළිණය ප්‍රධානය කෙරේ
  • ජයග්‍රාහී ත්‍යාගය ලබා ගැනීම සඳහා ජයග්‍රාහකයින් තිළිණ ප්‍රධානොත්සවයේදී තමන් විසින්ම ඉදිරිපත්විය යුතුය
  • ජයග්‍රාහකයන් වෙත දුරකථන ඇමතුම් ඔස්සේ දැනුම්දීම් සිදුකෙරෙන අතර අවශ්‍ය වුවහොත් ලියාපදිංචි ලිපිනය වෙත තහවුරු කිරීමේ ලිපියක් යවනු ලැබේ
  • තෝරාගන්නා ලද ජයග්‍රාහකයා සම්බන්ධ කරගත නොහැකි අවස්ථාවකදී පැය 6ක් ඇතුළත දුරකථනය ඔස්සේ තෙවරක් සම්බන්ධවීමේ ප්‍රයත්නයන් දරනු ලබන අතර, එහිදීද ළඟා විය නොහැකි නම් සකසන ලද වාර් තාවේ ඊළග අංකය ජයග්‍රාහකයා වශයෙන් තෝරා ගැනේ. මෙහිදී පෙර සටහන් අංකය  අදාළ දිනුම් ඇදීමෙන් ඉවත් කරනු ලබන අතර එළඹෙන දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලැබීමේ සංචිතයට නැවත ඇතුළත් කෙරේ

 

  1. ත්‍යාග බෙදාහැරීම ආශ්‍රිත කොන්දේසි
  • ක්ෂණික ත්‍යාග ජංගම දුරකථනය වෙත බැර/එක් කරන අතර ඒවා මුදල් බවට හරවා ගත නොහැක
  • සැම ක්ෂණික ත්‍යාග දිනුම් ඇදීමකම ජයග්‍රාහකයින් ස්වයංක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ තෝරාගනු ලබන අතර ප්‍රධාන දිනුම් ඇදීම් වල ජයග්‍රාහකයින් සාමාන්‍ය පරිදි තෝරා ගැනේ. එහිදී අදාළ දිනුම් ඇදීම මොබිටෙල් අභ්‍යන්තර විගණන අංශය සහ බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තු නියෝජිතයන් ඉදිරියේ සිදුකෙරේ
  • ක්ෂණික ත්‍යාග දිනුම් ඇදීමක ජයග්‍රාහකයකු මාසික දිනුම් ඇදීම සදහා සුදුසුකම් ලබයි. ඔහු/ඇය ප්‍රවර්ධන කාලසීමාව ඇතුළත ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග දිනුම් ඇදීම සඳහා සුදුසුකම් නොලබයි
  • ප්‍රධාන දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා කිසිඳු දිනුම් ඇදීමක් සඳහා සුදුසුකම් නොලබයි

 

 

  1. පොදු කොන්දේසි
  • කිසිඳු අවස්ථාවකදී ත්‍යාග පිලිබඳ සාකච්ඡා වලට එළඹිය නොහැක
  • ප්‍රවර්ධන කාලසීමාව ඇතුළත සිදුවිය හැකි ඕනෑම තාක්ෂණික දෝෂයක් සම්බන්ධයෙන් මොබිටෙල් වගකීමෙන් නිදහස් කිරීමට සහභාගිවන්නන් එකඟත්වය පල කරයි
  • ජයග්‍රාහකයා තෝරා ගැනීමේ අයිතිය මොබිටෙල් සතු වන අතර අදාල තීරණය අවසාන තීරණය වේ

 

  1. සුදුසුකම් ලැබීමේ ක්‍රියාපටිපාටිය සහ දිනුම් ඇදීම
  • ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග සහ ප්‍රධාන දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලැබීමට ග්‍රාහකයා විසින් රු. 50 ක රිචාර් ජ්/රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමක් සිදුකළ යුතුවේ
  • ග්‍රාහකයා විසින් රු. 50 රිචාර් ජ්/රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමේ ක්‍රියාපටිපාටිය සම්පුර් ණ කොට ඇති නම් එක් එක් රු. 50 රිචාර් ජ්/රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමක් සඳහාම දිනුම් ඇදීමේදී එක් දිනුම් අවස්ථාව බැගින් හිමි වන අතර, එය සම්බන්ධ වූ දිනය පිරික්සීමෙන් අනතුරුව සබඳතාවය පවත්වා ගන්නා ලද වසර ගණනින් ගුණ කෙරේ

උදා-

ජංගම දුරකථන අංකය

0712755777

කාලසිඉමාව

5 years

ගෙවීම

රු. 1000

දිනුම් ඇදීම සඳහා වන අවස්ථා

100 (1000/50 = 20)

(අවස්ථා 20 x 5 = 100)

 

  1. ත්‍යාග බෙදාහැරීමේ ක්‍රමවේදය

එක් එක් කාණ්ඩය සඳහා දිනුම් ඇදීම් වල ත්‍යාග  බෙදාහැරීම පහත දැක්වෙන ආකාරයෙන් සිදුකෙරේ

 

ප්‍රධාන දිනුම් ඇදීම

  • මාසිකව එක් පුද්ගලයකු බැගින් තෝරා ගන්නා ලබනු අතර, අවසන් ජයග්‍රාහකයා සංගීත ප්‍රසංගයේදී තෝරාගනු ලැබේ

 

  • ලියාපදිංචි ජයග්‍රාහකයා විසින් පිළිගනු ලැබීමට පෙරාතුව ජයග්‍රාහී ත්‍යාග මාරු කල නොහැක

 

  • අදාළ ජයග්‍රාහකයා සහ නියෝජිතයා යන දෙදෙනාම විසින් ඉදිරිපත් කරනු ලබන වලංගු හේතුවකින් තොරව ජයග්‍රාහකයා වෙනුවෙන් ජයග්‍රාහී ත්‍යාග නියෝජිතයකු වෙත පිරිනමනු නොලැබේ. නියෝජිතයා විසින් මුල් ග්‍රහකයාගෙන් ඉල්ලුම් කිරීමේ ලිපියක් සහ ජා.හැ.අ./ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය මුල් පිටපතක් හෝ ඉහත ලේඛන වල අධිකාරීලත් පුද්ගලයකු (ග්‍රාම නිලධාරී හෝ සෑම විනිසිරු) විසින් සහතික කරන ලද පිටපතක් අදාල සිම්පතද සමග ත්‍යාගය ලබාගන්නා අවස්ථාවේදී භාරදිය යුතුවේ

 

  • ත්‍යාගය ලබාගැනීම සඳහා ජයග්‍රාහකයා සිය ජාතික හැඳුනුම් පත, ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය සහ අදාළ ත්‍යාග ලබාගැනීම සම්බන්ධ තහවුරු කිරීමේ ලිපිය සමග මොබිටෙල් ප්‍රධාන කාර් යාලය හෝ මොබිටෙල් වෙතින් පුර් ව නිර් දේශිත ස්ථානයක් වෙත පැමිණිය යුතුය

 

ක්ෂණික ඇමතුම් කාල ත්‍යාග

  • පසුගෙවුම් ග්‍රාහකයින් සදහා ඔවුන්ගේ ඇමතුම් ගාස්තු අදාළ බිලෙන් පියවීම සඳහා ත්‍යාග මුදල භාවිත කෙරෙන අතර, පෙරගෙවුම් ග්‍රාහකයින් වෙත ඔවුන්ගේ ගිණුම වෙත නොමිලේ ඇමතුම් කාලය වශයෙන් ත්‍යාගය පිරිනමනු ලැබේ

Looking for...