MAIN MENU
 
mAgent යනු කවුරුන්ද?
"mAgent" යනු SLTMOBITEL ස්ථාවර සහ ජංගම දුරකථන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා දිවයින පුරා සේවයේ යොදවා ඇති පුහුණුව ලත් නියෝජිතයින් ය. රාජකාරියට එහා ගිය කැපවීමකින් කටයුතු කරන mAgent වරුන් ඔබගේ නගරයේ හෝ ගමේ සිටම ඔබට සරිලන සේවාවන් ඔබේ නිවසේ දොරකඩටම ලබා දෙමින් ස්ථාවර හෝ ජංගම සම්බන්ධතා හරහා ඩිජිටල් ලෝකයට සම්බන්ධ වීමට ඔබට උදව් කිරීමට සූදානම්ව සිටී.
 
mAgent හරහා ලබා දෙන සේවාවන් මොනවාද?
mAgent විසින් SLTMobitel ස්ථාවර සහ ජංගම දුරකථන සම්බන්ධතා පිළිබද ගැටලු වලට විසදුම් සහ සේවා සපයනු ඇත.
 
නව ජංගම/ ස්ථාවර සම්බන්ධතා, Broadband සම්බන්ධතා (ජංගම/ ස්ථාවර), PEO TV, නව උපාංග බෙදාහැරීම්, SIM වෙනස් කිරීම් / SIM පත් මාරු කිරීම් සහ අනෙකුත් දුරකථන සම්බන්ධතා සේවාවන් සපයනු ලැබේ. (*ගාස්තු හා කොන්දේසි අදාළ වේ)
 
තවද, SLT Home routers, Fiber connections / Peo TV නව සම්බන්ධතා සහ අනෙකුත් SLT සේවාවන් ද මේ හරහා ලබා ගත හැක (කොන්දේසි අදාළ වේ)
 
(ඉහත සියලු සේවාවන් තොග ලබාගැනීමේ හැකියාව මත තීරණය වන අතර කොන්දේසි අදාළ වේ)
 
පාරිභෝගිකයෙකුට mAgent සේවා සඳහා ඉල්ලුම් කළ හැක්කේ කෙසේද?
පාරිභෝගිකයාට 1717 අංකයෙන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතා හෝ www.sltmobitel.lk වෙබ් අඩවිය වෙත පිවිස door step delivery අයිකනය තෝරාගත හැක
 
පාරිභෝගිකයාට ඇණවුම සම්බන්දව තහවුරු කිරීමක් ලැබෙනවද?
ඉල්ලීමක් තහවුරු කල පසු පාරිභෝගිකයෙකුට යොමු අංකයක් (Reference number) සහිත කෙටි පණිවිඩයක් යවනු ලැබේ.
 
mAgent හරහා ඇණවුම පාරිභෝගිකයාට ලබා දීමට ගත වන කාලය කොපමණද?
තහවුරු කිරීම කල මොහොතේ සිට පැය 48 ඇතුලත සේවාව පාරිභෝගිකයාට ලබා දෙනු ලැබේ (ගත වන කාලය අදාල සේවාව අනුව වෙනස් විය හැක)
 
mAgent සේවාව සදහා අදාළ වන ගාස්තු මොනවාද?
සිම් ගාස්තු සහ අනෙකුත් සේවා සදහා අදාළ ගාස්තු අවශ්‍යතාවය මත පදනම්ව අය කෙරේ. ඇණවුම ලබා ගන්න ස්ථානය අනුව බෙදා හැරීමේ ගාස්තු අයවේ. කෙසේවෙතත් එය Rs 300 නොඉක්මවනු ඇත
 
mAgent නියෝජිතයෙකු ක්‍රියා කරන්නේ කෙසේද?
ඔහු / ඇයගේ වාසස්ථානය තුළ සිට කිලෝමීටර් 3 - 5 ක ප්‍රදේශයක් තුළ ක්‍රියාත්මක වනු ඇත. බෙදා හැරීමේ වේලාව උදේ 8.30 සිට සවස 5.00 දක්වා වේ..
ප්‍රදේශයේ සිටින mAgent නියෝජිතයින් ප්‍රමාණය මත මෙය වෙනස් විය හැක
 
පාරිභෝගිකයා ගෙවීම් කල යුතු ගනුදෙනු මාධ්‍යය කුමක්ද?
දැනට ගෙවීම් කල හැක්කේ මුදල් මගින් පමණි. කෙසේ වෙතත්, නුදුරු අනාගතයේදී ඔබට පහසු ගණුදෙනු ක්‍රමයක් පිරිනැමීම සඳහා ඩිජිටල් නාලිකා සහ කාඩ්පත් ගෙවීම් ඒකාබද්ධ කිරීමට අපි කටයුතු කරමින් සිටිමු.
 
 

Looking for...