1. SIM පතේ රෝමිං සක්‍රිය කරගන්නේ කෙසේද?
ක්‍රියාව |
9911 ට SMS එකක් යවන්න |
සක්‍රිය කිරීම සඳහා |
ශ්‍රී ලංකාවෙන් බැහැර වීමට පැය බාගයකට පෙර ACT1ටයිප් කරන්න:
එවිට ඇමතුම් අක්‍රිය වී SMS රෝමිං සක්‍රිය වේ
|
අක්‍රිය කිරීම සඳහා |
ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු DCT1 ටයිප් කරන්න:
එවිට නැවත ඇමතුම් හා SMS ලබාගැනීමට හා යැවීමට හැකිවනු ඇත
. |
2. මෙම සේවය සක්‍රිය කර ගැනීමට තැන්පතුවක් අවශ්‍යද?
නැත. SMS රෝමිං සක්‍රිය කරගැනීම සම්පූර්ණයෙන්ම ගාස්තුවලින් නිදහස්ය.
3. රෝමිං අතරතුර SMS යවන්නේ කෙසේද?
එය යැවිය යුත්තේ:
රටේ සංකේත අංකය + ජංගම දුරකතන අංකය
උදාහරණය; +94 714 555 555
4. SMS රෝමිං හරහා යවන SMS සඳහා කොපමණ අය කරන්නේද?
ඔබ රෝමිං සිදු කරන ගමනාන්තයන් හා ජාලයන් අනුව ගාස්තු වෙනස් වේ. මොබිටෙල් රෝමිං හොට් ලයින් +94 714 555 555 අමතා වැඩිදුර තොරතුරු දැනගන්න.
5. SMS රෝමිං අතරතුර මට භාවිතා කළ හැකි අනෙකුත් සේවාවන් මොනවාද?
ඔබගේ සිම් පතෙහි SMS රෝමිං සක්‍රිය කරගත් වහාම, ඔබගේ ඇමතුම් ( යැවෙන හා ලැබෙන voice calls) වැලැක්වෙන අතර, සේවය අක්‍රිය කිරීමෙන් පසු පමණක් එම සේවාවන් නැවත සක්‍රිය කෙරේ. එහෙත් ඔබට SMS Home හෝ වෙනත් SMS පදනම් වූ සේවාවක් ලබාගත හැකිය.