MAIN MENU

Upahara Internet

උපහාර ඉන්ටනෙට්
 
මොබිටෙල් ආයතනය විසින් විදුලි හා තොරතුරු තාක්ශණ අමාතයංශය හා සම්බන්ධව, රාජ්‍ය සේවකයන් සහ රජයේ විශ්‍රාමිකයන් වෙනුවෙන්, මව්බිම වෙනුවෙන් කෙරූ ඔවුන්ගේ සේවය අගයකරමින් හදුන්වාදෙනු ලබන අන්තර්ජාල පැකේජය; "උපහාර ඉන්ටර්නෙට්".
 
මාසික ගාස්තුව රු. 299
නොමිලේ ලැබෙන දත්ත
මධ්‍යම රාත්‍රී 12- පෙ.ව.9.00 3 GB
පෙ.ව. 9.00 - මධ්‍යම රාත්‍රී 12 2 GB
අමතර භාවිතා කරන (දත්ත) සඳහා අය කිරීම 1MB සඳහා ශත 20
නැවත ලබාගත හැකි තැන්පතුව නොමිලේ
ඇතුලත් වීමේ ගාස්තුව (රු.) 1000
උපරිම වේගය (Downlink) 3.6 Mbps
උපරිම වේගය (Uplink) 1.98 Mbps
මූලික ණයවර සීමාව (රු.) 1000
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන ඇති රාජ්‍ය සේවකයන් සඳහා නොමිලේ
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන නෙමැති රාජ්‍ය සේවකයන් සඳහා (රු.) 1,490/-

 

කොන්දේසි

* සෙනෙහසේ උපහාර බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් ලබාගෙන ඇති පාරිභෝගිකයින් හට තම පැකේජය නව “උපහාර ඉන්ටනෙට්” පැකේජය වෙත, නොමිලේ වෙනස් කර ගත හැක.
 
*නව "උපහාර ඉන්ටර්නෙට්" වෙත පැකේජය වෙනස් කරන, සෙනෙහසේ උපහාර බ්‍රෝඩ්බෑන්ඩ්  පාරිභෝගිකයින්හට විශේෂ ඩොන්ගල් දීමනාව ලබා ගැනීමට අවශ්‍ය නම්, රු.1000/-ක ඇතුලත්වීමේ ගාස්තුව ගෙවිය යුතු වේ.
 
*රාජ්‍ය අංශයේ සේවකයින්, රාජ්‍ය  සංස්ථාවල හා ව්‍යාවස්ථාපිත මණ්ඩලවල සේවකයින්, පළාත්පාලන ආයතනවල සේවකයින්,  සමූපකාර අංශයේ සේවකයින් හා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන්ද,  "උපහාර ඉන්ටර්නෙට්”  දීමනාව හිමිකර ගැනීම සදහා සුදුසුකම ලබයි.
 
*"උපහාර ඉන්ටර්නෙට්" පැකෙජය සමඟ රු.990/-ක විශේෂ මිලකට ඩොන්ගලය මිලදි ගන්නා පාරිභොගිකයන් සඳහා මොබිටෙල් සමඟ මාස 8ක ගිවිසුම් කාල සීමාවක් සඳහා අත්සන් තැබිය යුතුය.
 
*සියළුම  ගාස්තු රජයේ බදු හා ගාස්තු වලට යටත් වේ. කොන්දේසි සහිතයි.
 
*මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා අදාල කොන්දේසිවලට යටත් වේ.
 
ඩොන්ගල් දීමනාව
  • ඩොන්ගලයේ වටිනාකම, අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් දුරකථන ජාලය හා රැදී සිටි පසු-ගෙවුම් පරිභෝගිකයන්ගේ පැකේජයේ මාසික වාරිකයට ඇතුලත් කර ඇත
  • පාරිභෝගිකයා විසින් මාස 24 ක ගිවිසුම් කාලයකට එළඹිය යුතුය
  • නව පරිභෝගිකයන් - රු. 1490.00
පැකේජය ලබා ගැනීමේ සුදුසුකම් ලබන්නන්
  • රාජ්‍ය අංශයේ  සේවකයින්
  • රාජ්‍ය සංස්ථා හා ව්‍යාවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු සේවකයින්
  • පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයින්
  • සමුපකාර අංශයේ සේවයේ නියුතු සේවකයින්
  • විශ්‍රාමිකයින්
 
TRC නියමයන්
  • පැය 24 ක කාල සීමාවක් තුල, ඕනෑම විනාඩි 60 කාල පරාසයන් දෙකක් ඇතුලත සාමාන්‍ය Download කිරීමේ වේගය, ප්‍රචාරය කරන ලද වේගයෙන් 30% හෝ ඊට ඉහල අගයකින් පවත්වාගත යුතුය.
  • දින 30 ක් කාල සීමාවක් තුල, සේවාලාභියා විසින් අසතුටුදායක සේවා තත්වයන්  මත (unsatisfactory QoS levels) දින 30 කාලයක් ඇතුලත, ගිවිසුම අවලංගු කිරීමට තීරණය කරනු ලබන අවස්ථාවක, සම්බන්ධතා ගාස්තුව කිසිදු කොන්දේසියකට  යටත් නොකොට සේවාදායකයා විසින් ආපසු ගෙවිය යුතුය.
  • සේවාදායකයා විසින්, නියම වේලාවෙන් “දත්ත භාවිතය” පරීක්ෂා කිරීමේ පහසුකම සේවාලාභිය වෙත ලබාදිය යුතුය. යම් හෙයකින් සේවාදායකයා විසින්, දිනයේ යම් කාල පරාසයක් ඇතුලත භාවිතා කිරීමට අවස්ථාව සලසාලන විශේෂිත Broadband පැකේජයන්  හදුන්වා  දීමට බලාපොරොත්තුවේ නම්, එවැනි අවස්ථාවකදී නියම වේලාවෙන් දත්ත භාවිතය පිලිබඳ තොරතුරු පරීක්ෂා කිරීමේ පහසුකම් සහ වෙබ්  මෙවලම් සේවාලාභිය වෙත සැපයිය යුතු වේ. මෙම පහසුකම සේවාලාභියාට දත්ත භාවිතය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාවෙන් යුක්ත විය යුතු අතර, පැකේජයට අනුකුලව එක් එක් කාලපරාසය තුල භාවිතය පිලිබඳ දත්ත වෙන් වෙන් වශයෙන් පෙන්විය යුතුය.
  • සේවාදායකයා විසින්, උපාංගය හෝ Dongle ය අනෙකුත් සේවාජාල සඳහා අවහිර කිරීමට අදහස් කරන්නේ නම්, ඒ පිළිබඳව විකුණුම සිදුකරනු ලබන අවස්ථාවේදී සේවාලාභියා වෙත පැහැදිලිව දැන්විය යුතුය. මෙලෙස අනෙකුත් සේවාජාල අවහිර කරන ලද Dongle ක් නිකුත් කරනු ලබන අවස්ථාවක, මෙම "සීමාව බලපැවැත්වෙන කාලය" පිළිබඳව ලිකිතව සේවාලාභියා වෙත ලබා දිය යුතුය.
  • "සීමාව බලපැවැත්වෙන කාලය" අවසානයේදී සේවාදායකයා විසින් මෙම අවහිරතාවය ඉවත් කල යුතුය.
  • අනුමත කරන ලද "නියමයන්" පැකේජයන්ගේ විස්තර සමගින් වෙබ් අඩවියෙහි පල කල යුතුය

FAQ's

1.උපහාර ඉන්ටර්නෙට් කියන්නෙ කුමක්ද?
 
උපහාර ඉන්ටර්නෙට් කියන්නේ මොබිටෙල් ආයතනය විසින් විදුලි හා තොරතුරු තාක්ශණ අමාතයංශය හා සම්බන්ධව, රාජ්‍ය සේවකයන් සහ රජයේ විශ්‍රාමිකයන් වෙනුවෙන් සකස් කෙරුණු බ්රෝඩ්බෑන්ඩ් (දත්ත) පැකේජයක්. මේ යටතේ සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවෙනවා.
 
2.උපහාර ඉන්ටර්නෙට් පැකේජයේ සැකැස්ම සහ ගාස්තු පහත පරිදි වේ.
 
මාසික ගාස්තුව 299
නොමිලේ ලැබෙන දත්ත
මධ්‍යම රාත්‍රී 12- පෙ.ව.9.00 3 GB
පෙ.ව. 9.00 - මධ්‍යම රාත්‍රී 12 2 GB
අමතර භාවිතා කරන (දත්ත) සඳහා අය කිරීම 1MB සඳහා ශත 20
නැවත ලබාගත හැකි තැන්පතුව නොමිලේ
ඇතුලත් වීමේ ගාස්තුව (රු.) 1000
උපරිම වේගය (Downlink) 3.6 Mbps
උපරිම වේගය (Uplink) 1.98 Mbps
මූලික ණයවර සීමාව (රු.) 1000
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන ඇති රාජ්‍ය සේවකයන් සඳහා (රු.) 990/-
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන නෙමැති රාජ්‍ය සේවකයන් සඳහා (රු.) 1,490/-
 
 
3.උපහාර ඉන්ටර්නෙට් හඳුන්වාදුන් පසු Senehase Upahara පැකේජ හිමියන්ට කුමක් සිදුවේද?
 
Senehase Upahara පාරිභෝගිකයන්ට ඹවුන්ට අවශ්‍ය පරිදි එම පැකේජයේම රැඳී සිටීමට හෝ නව Upahara ඉන්ටනෙට් පැකේජය වෙත වෙනස් කිරීමේ අවස්ථාව උදා වේ.
 
4.‘සෙනෙහසේ උපහාර’ සම්බන්ධතාවයන් හිමියන්ගේ පැකේජය ස්වයංක්‍රීයව උපහාර ඉන්ටර්නෙට් වෙත වෙනස් වනවාද?
 
නැත.පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි පමණක් පැකේජය Upahara ඉන්ටනෙට් පැකේජය වෙත වෙනස් කෙරේ. මේ සදහා උපහාර ඉන්ටනෙට් පැකේජය වෙත මාරුවීමට පාරිභෝගිකයාගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක් සැපයිය යුතු වේ.
 
5.‘උපහාර ඉන්ටර්නෙට්’ පැකේජය හඳුන්වා දුන් පසුත් පාරිභෝගිකයන්ට සෙනෙහසේ උපහාර පැකේජය ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවාද?
 
ඔව්.
 
6.‘උපහාර ඉන්ටර්නෙට්’ සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?
 
  • රාජ්‍ය අංශයේ සේවකයින්.
  • රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල වල සේවා නියුක්තිකයන්.
  • පලාත් පාලන ආයතන වල සේවා නියුක්තිකයන්.
  • සමූපකාර අංශයේ සේවා නියුක්තිකයන්.
  • රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයන්.
 
7.රු.990/-ක විශේෂ මිලකට ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?
 
  • රාජ්‍ය අංශයේ සේවකයින්.
  • රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල වල සේවා නියුක්තිකයන්.
  • පලාත් පාලන ආයතන වල සේවා නියුක්තිකයන්.
  • සමූපකාර අංශයේ සේවා නියුක්තිකයන්.
  • රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයන්.
වලට අයත්, උපහාර සාමාන්‍ය ඇමතුම් පාරිභෝගිකයෙකු, සෙනෙහසේ උපහාර පාරිභෝගියකු, හෝ අවම වශයෙන් අවුරුදු දෙකක කාලයකට, රුපියල් 200ක මාසික ගාස්තුවක් ගෙවමින් මොබිටෙල් ආයතනය හා බැදී සිටි පසුගෙවුම් සබඳතාවයක් ඇති පරිභෝගිකයෙකුට ඩොන්ගලය නොමිලේ ලබා ගනීමට සුදුසුකම් ලබයි.
 
8.මම දැනට උපහාර සාමාන්‍ය සම්බන්ධතාවයක් (Voice) ලබාගෙන ඇත. මම උපහාර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබා ගැනීමට කල යුතුතේ  කුමක්ද?
 
උපහාර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබාගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටිය මෙහිදී බලපැවැත්වෙන අතර, දැනට උපහාර සම්බන්ධතාවයක් ලබාගෙන ඇති පාරිභෝගිකයන්ට පමණක් ඩොන්ගල් ය නොමිලේ ලබාගත හැක.
 
9.උපහාර ඉන්ටර්නෙට් පැකේජය ලබාගනු ලබන එහෙත් ඩොන්ගලය  රු.990/-ක විශේෂ මිලකට ලබාගැනීමට සුදුසුකම් නොලබන නව පාරිභෝගිකයන්ට ඩොන්ගලයක් නොමිලේ ලබාගැනීම සඳහා මාසික 8ක ගිවිසුමකට පැමිණිය හැකිද?
 
නැත.
 
10.මාස 24 කොන්ත්‍රාත් ගිවිසුම යනු කුමක්ද?
 
ඩොන්ගලය නොමිලේ ලබාගන්නා පාරිභෝගිකයින් විසින් මාස 24 ක කාල සීමාවක් උපහාර ඉන්ටර්නෙට් පැකේජය සක්‍රියව තබා ගන්නා ලෙස ගිවිසුමකට එළඹිය යුතුයි. යම් හෙයකින් මාස 24 කට ප්‍රථම සේවා සම්බන්ධතාවය විසන්ධි කරන්නේ නම්,ගිවිසුමේ ඉතිරි මාස ගණන සඳහා ගෙවිය යුතුව ඇති ගාස්තුව බිල්පතට එකතු කෙරෙන අතර මෙහිදී ගිවිසුම අහෝසි වී යයි. (රු. 100/= * ගිවිසුමේ ඉතිරිව ඇති මාස ගණන). මෙම ගාස්තුව “ඩොන්ගල් Fee” ලෙස බිල්පතෙහි සඳහන් වේ.
 
11.මම දැනට උපහාර සාමාන්‍ය සම්බන්ධතාවයක් (Voice) භාවිතා කරන අතර මට උපහාර ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් ලබා ගැනීමට අවශ්‍යයි. මට මෙහිදී ඇතුලතුවීමේ ගාස්තුවක් ගෙවිය යුතුද?
 
ඔව්. උපහාර ඉන්ටර්නෙට් සම්න්ධතාව හා උපහාර සාමාන්‍ය සම්බන්ධතාවය එකිනෙකට වෙනස් වේ. මෙහිදී නැවත ලබාගත හැකි සම්බන්ධතා තැන්පතු මුදලින් පමණක් නිදහස් වන අතර රු.1000.00 ක ඇතුල්වීමේ ගාස්තුවක් ගෙවිය යුතු වේ.
 
12.මම දැනට සෙනෙහසේ උපහාර සම්බන්ධතාවයක් ලබාගෙන ඇති අතර, මට එහි පැකේජය Upahara ඉන්ටර්නෙට් වෙත වෙනස් කර යුතු වේ. ඒ සඳහා අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටිය කවරේද?
 
නව උපහාර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබාගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටිය මෙහිදී අදාල වේ. කෙසේ වුවද නොමිලේ ලබා දෙන ඩොන්ගල් දීමනාව භාවිතා නොකරන්නේ නම්, මෙහිදී රු.1000.00 සේ ඇතුලත්වීමේ ගාස්තුවෙන් නිදහස් කෙරේ. තවද, උපහාර ඉන්ටනෙට් පැකේජය වෙත මාරුවීමට පාරිභෝගිකයාගේ කැමැත්ත ප්රකාශ කරන ලිපියක් සැපයිය යුතු වේ.
 
13.මෙම සෙනෙහසේ උපහාර සම්බන්ධතාවයේ පැකේජය Upahara ඉන්ටනෙට් වෙත වෙනස් කරන අවස්ථාවක, මට ඩොන්ගලය නොමිලයේ හිමි වනවාද?
 
ඩොන්ගලය නොමිලයේ ලබාගැනීමට නම්, ඔබ විසින් රු.1000.00 සේ ඇතුලත්වීමේ ගාස්තුව ගෙවිය යුතු වේ.
 
14.මම සාමාන්‍ය උපහාර පැකේජය සහිත සම්බන්ධතාවයක් භාවිතා කල අතර කලකට ඉහතදී එය විසන්ධි කරන ලදි. මම ඩොන්ගලය නොමිලයේ ලබාගැනීමට සුදුසුකම් ලබයිද?
 
ඩොන්ගලය නොමිලයේ ලබාගැනීමට නම්, පළමුව උපහාර සම්බන්ධතාවය නැවත සක්‍රීය කර, රු.1000.00 ක ඇතුලත්වීමේ ගාස්තුව ගෙවා Upahara ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබා ගත යුතුයි.
 
15.මා උපහාර සාමාන්‍ය දුරකථන සම්බන්ධතාවයක් ලබාගෙන තිබූ අතර එය දැනට විසන්ධි වී ඇත. මා හට ඩොන්ගලය නොමිලේ ලබාගතක හැකිද?
 
පළමුව, ඔබ ඩොන්ගලය නොමිලේ ලබාගැනීම සඳහා වන සුදුසුකම් සපුරා ඇති දැයි පරික්ෂා කරන්න. එසේනම් උපහාර සාමාන්‍ය දුරකථන සම්බන්ධතාවය නැවත සක්‍රීය කර ගත හැකි අතර ඒ සඳහා රු.1000.00 ක ඇතුලත්වීමේ ගාස්තුවක් ගෙවිය යුතු වේ.ඉන් අනතුරුව උපහාර ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් සඳහා ලියාපදිංචි විය හැක.
 
16.Upahara ඉන්ටර්නෙට් පැකේජය සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
 
  • මොබිටෙල් ශාඛාවක් වෙත පෞද්ගලිකව පැමිණිය යුතුයි.
  • ඔබගේ  ජාතික හැඳුනුම්පත / වලංගු විදේශගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය හා ආයතනික / රජයේ හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුයි.
  • ඡායාරූපයක් සඳහා පෙනී සිටිය යුතු වේ. නැතහොත් පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් රැගෙන ආ යුතුයි.
  • ඔබ රාජ්‍ය අංශයේ සේවයේ නියතු බව හෝ විශ්‍රාමිකයෙකු බව තහවුරු කිරීමට වලංගු ලියවිල්ලක් ඉදිරිපත් කල යුතුයි. (ආයතනික, රාජ්‍ය සේවක හැඳුනුම්පත / විශ්‍රාම වැටුප්පත)
  • එක් වරක් පමණක් ගෙවියයුතු රු.1000.00 ක ඇතුල්වීමේ ගාස්තුව.
  • ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයක් ( නව පාරිභෝගිකයන් සඳහා පමණි).
  • අයදුම් පත්‍රයක් හා ගිවිසුම් පත්‍රයක් නිවැරදිව සම්පූරණ කර අදාල ලේඛණ සමග ඉදිරිපත් කල යුතුයි.
 
17.මෙම පැකේජය ලබාගැනීමේදී අය කෙරෙන ගාස්තු කවරේද?
 
  • ඩොන්ගලය නොමිලේ ලබාගත හැකි පාරිභෝගිකයන් රු.1000.00 ක ඇතුලත්වීමේ ගාස්තුවක් ගෙවිය යුතුය.
  • ඩොන්ගලය නොමිලේ ලබාගැනීමට සුදුසුකම් නොලබන පාරිභෝගිකයින්, මෙහිදී ඇතුලත්වීමේ ගාස්තුව රු.1000.00 ක් හා ඩොන්ගලයේ සදහා  රු.1490.00 ක ගාස්තුවක් ගෙවිය යුතු වේ. ඒ අනුව ගෙවිය යුතු සම්පූරණ මුදල රු.2490.00 කි.
 
18.Upahara ඉන්ටර්නෙට් ලියාපදිංචි වීමේදී මා විසින් ලබාදිය යුතු ලිපි ලේඛණ කවරේද?
 
ඔබ විසින් ගෙන ආ යුතු  වන්නේ,
  • ඔබගේ  ජාතික හැඳුනුම්පත / වලංගු විදේශගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය හා ආයතනික / රජයේ හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුයි.
  • ඡායාරූපයක් සඳහා පෙනී සිටිය යුතු වේ. නැතහොත් පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් රැගෙන ආ යුතුයි.
  • රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයෙකු බව හෝ විශ්‍රාමිකයෙකු බව තහවුරු කරමින් නිකුත් කරන ලද සේවා සහතිකයක්.
  • (ආයතනික, රාජ්‍ය සේවක හැඳුනුම්පත / විශ්‍රාම වැටුප්පත / විශ්‍රාම වැටුප් වවුචරය).
  • ලිපිනය තහවුරු කිරීමේ ලේඛනයක් ( නව පාරිභෝගිකයන් සඳහා පමණි).
 
19.Upahara ඉන්ටර්නෙට් සම්බන්ධතාවයේ හිමිකාරිත්වය පැවරිය හැකිද?
 
හිමිකාරීත්වය පැවරිය නොහැක. එහෙයින් ලියාපදිංචි අයිතිකරු විසින් පමණක් සේවා සම්බන්ධතාවය භාවිතා කල යුතුය.
 
20.මම දැනටමත් මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් සඳහා ලියාපදිංචි වී ඇත. මාගේ සම්බන්ධතාවය උපහාර ඉන්ටර්නෙට් පැකේජය වෙත වෙනස් කල හැකිද?
 
ඔබ ඒ සඳහා පහත සඳහන් කාණඩයන්ට අයත් පාරිභෝගිකයෙකු විය යුතු අතර රු.1000 ක සම්බන්ධතා ගාස්තුවක් ගෙවිය යුතු වේ.
  • රාජ්‍ය අංශයේ සේවකයන්.
  • රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල සේවා නියුක්තිකයන්.
  • පලාත් පාලන ආයතන වල සේවා නියුක්තිකයන්.
  • රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයන්.
 
21.මම දැනටමත් මොබිටෙල් පෙරගෙවුම් සම්බන්ධතාවයක් හිමි අයෙකි. මාගේ පෙරගෙවුම් උපහාර ඉන්ටනෙට් වෙත වෙනස් කිරීමේදී, එම අංකයම ලබාගත හැකිද?
 
ඔව්. කෙසේ වුවද මෙහිදී SIM කාඩ්පත වෙනස් කල යුතු අතර පෙරගෙවුම් සම්බන්ධතාවයක් පසුගෙවුම් සම්බන්ධතාවයක් බවට පත් කිරීමේදී අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටියට යටත්වේ. ඊට අමතරව අවශ්‍ය ලිපි ලේඛන හා රු.1000.00 ක සමාජික ගාස්තුව ගෙවිය යුතු වේ. (රජයේ බදු හා ගාස්තූන්ට අයත් වේ.)
 
22.මාගේ ණය සීමාව කවරේද?
 
ඔබගේ මූලික ණය සීමාව රු.1000.00 ක් වේ.
 
23.දැනට උපහාර සාමාන්‍ය සම්බන්ධතාවයක් / සෙනෙහසේ උපහාර සම්බන්ධතාවයක් භාවිතා කරන පාරිභෝගිකයෙකු, උපහාර ඉන්ටනෙට් සඳහා ලියාපදිංචි වීමේදී, එම සම්බන්ධතාවය දැනට පවතින ගිණුම යටතේ සම්බන්ධ කරනවාද?
 
ඔව්.
 
24.මාගේ සම්බන්ධතාවයට (Voice) ඇමතුම් පහසුකම ලබාගත හැකිද?
 
ඔව්. ඒ සඳහා act voice යන්න සඳහන් කර 2545 වෙත SMS කරන්න.
 
25.මට Upahara ඉන්ටනෙට් සම්බන්ධතාවයට “Late Night ඉන්ටනෙට්” විශේෂාංගය ඇතුලත් කර ගත හැකිද?
 
නැත. මෙම විශේෂාංගය ඇතුලත් කර ගත නොහැක.
 
26.Upahara ඉන්ටනෙට් සම්බන්ධතාවයක් වෙත රෝමින් පහසුකම ලබාගත හැකිද?
 
ඔව්. මෙහිදී රෝමින් සඳහා අදාල වන තැන්පතු ගාස්තුවට යටත් වේ.
 
27.මේ සඳහා ලියාපදිංචි විය හැකි මධ්‍යස්ථාන කවරේද?
 
  • රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව.
  • මොබිටෙල් ශාඛාවන්ගෙන් සහ Excel World වෙතින්.
  • SLT ටෙලිෂොප් සහ ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාල.
  • සිංගර් මෙගා.
  • බලයලත් නියෝජිත ආයතන.
 
28. පළමු මාසයේ උපහාර ඉන්ටනෙට් පැකේජය හා සම්බන්ධවීමේදී,මාසය දින 30කට වඩා අඩුවන අවස්ථාවකදී, මාසික වාරිකය ගණනය කරන්නේ කෙසේද?
 
සම්බන්ධ වී සිටි දින ගණන අනුව මාසික වාරිකය ගණනය වන නමුත් නොමිලයේ හිමිවන බණ්ඩලය සම්පූරණයෙන්ම හිමි වේ..
 
29. විශේෂ මිල යටතේ ඩොන්ගලය ලබාගැනීමේදී, මා විසින් ගිවිසුමකට එළඹිය යුතුද?
 
ඩොන්ගලය නොමිලේ ලබාගන්නා පාරිභෝගිකයන් විසින් මාස 24 ක ගිවිසුමක් සඳහා එළඹිය යුතුය. මෙහිදී පාරිභෝගිකයෙකු විසින් මාස 24ක් අවසන් වීමට පෙර සම්බන්ධතාවය විසන්ධි කරන්නේ නම් රු.100* ඉදිරියට ගෙවිය යුතු මාස ගණනක වටිනාකම "ඩොන්ගල් ෆී" ලෙස බිල්පතට එකතු වේ. මෙහිදී මාස 24 ගිවිසුම අහෝසි වී යයි.
 
30. දින 30ක මුදල් ආපසු ගෙවන වගකීම් දීමනාව යනු කුමක්ද?
 
යම්, පාරිභෝගිකයෙකු සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම්, එවැනි අවස්ථාවකදී ඩොන්ගලය නැවත අප වෙත භාර දී සේවා සම්බන්ධතාවය විසන්ධි කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමි වේ. මේ සඳහා සම්බන්ධතාවය ලබාගෙන හෝ පැකේජය වෙනස් කිරීමෙන් අනතුරුව දින 30ක කාලයක් තුල අප වෙත දැන්විය යුතුය.
මෙහිදී සම්බන්ධතා ගාස්තුව හා ඩොන්ගලයේ වටිනාකම ආපසු ලබා දේ. (රු.1000+රු.1490) ඩොන්ගලය නොමිලේ ලබා ගත් පාරිභෝගිකයන්ට රුපියල් 1,490/- වලංගු නොවේ.
මෙම මුදල චෙක්පතක් මාර්ගයෙන් පාරිභෝගිකයාට වෙත ලැබීමට සැලැස්වේ, හො පාරිභෝගිකයාගේ බැංකු ගිණුමට බැර කරනු ලබයි. මෙහිදී පාරිභෝගිකයා විසින් ඩොන්ගලය නැවත භාරදීම සඳහා මෙබිටෙල් ශාඛාවක්, SLT හෝ Singer Mega ආයතනයක් වෙත පැමිණය යුතු අතර, අලෙවි නියෝජිතයන් ඩොන්ගලය ආපසු ලබාගැනීමක් සිදු නොකරයි.
 
31.දින 30 Money Back Guarantee දීමනාව ක්‍රියාකරන්නේ කෙසේද?
 
1.ඩොන්ගලය නොමිලේ ලබාගන්නා පාරිභෝගිකයන්:
මෙහිදී පාරිභෝගිකයා විසින් පැකේජය විසන්ධි කර දින 30 තුල ඩොන්ගලය නැවත මොබිටෙල් ආයතනය වෙත භාරදුන්නහොත් රු.1000 ක සම්බන්ධතා ගාස්තුව නැවත ලබාදෙන අතර, මේ අවස්ථාවේදී ගිණුමෙහි යම් හිඟ ගාස්තුවක් වේ නම්, එය පියවා ගනු ලැබේ. මීට අමතරව දඩ මුදලකටද යටත් නොවේ.
 
2.ඩොන්ගලය රු.1490 ක ගාස්තුවක් යටතේ ලබාගත් පාරිභෝගිකයන්.
මෙහිදී පාරිභෝගිකයා විසින් දින 30 ක් ඇතුලත පැකේජය විසන්ධි කර  ඩොන්ගලය නැවත ලබාදී රු.1000 ක ගාස්තුව නැවත ලබාගත හැක. (ගිණුමෙහි යම් හිඟ මුදලක් වේ නම් එම මුදල, ගාස්තුව නැවත ලබාදීමට පෙර පියවා ගනු ලැබේ.)
 
32.පැකේජය වෙනස් කිරීම සඳහා අවස්ථාව හිමි වනවාද?
 
ඔව්, පැකේජය වෙනස් කිරීම සඳහා අවස්ථාව සැලසේ. කෙසේ වුවද, වෙනත් Broadband පැකේජයක සිට උපහාර ඉන්ටර්නෙට් වෙත පැකේජය වෙනස් කරනු ලබන අවස්ථාවකදී, එය සක්‍රීය වන්නේ පැකේජය වෙනස් කල දින මධ්‍යම රාත්‍රී 12 සිටය.
 
33.Upahara ඉන්ටර්නෙට් සඳහා ලියාපදිංචි වන නව පාරිභෝගිකයන් ඩොන්ගලය ගාස්තුවකින් තොරව ලබාගන්නා අවස්ථාවකදී, මොබිටෙල් සමග මාස 24ක් සක්‍රියව සිටීමට ගිවිසුමකට පැමිණිය යුතුද?
 
නැත. ඩොන්ගලය සඳහා අදාල ගාස්තුව අයකර ගන්නා බැවින් ගිවිසුමකට පැමිණීම අවශ්‍ය නොවේ.

Looking for...