කෙටි කේත පහසුකම
ඔබගේ Voicemail අංකය අමතකද? එහෙත් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීම මේ මොහොතේ ඔබට අපහසුද? එහෙත් ඒ ගැන දැන් ඔබට තවදුරටත් කරදර වීමට අවශ්‍ය නැත. මොබිටෙල් සමග සම්බන්ධ වී ඔබ ඔබගේ මවුරටේදී සිදුකල අයුරින්ම ඔබ ලබාදෙන කෙටි කේතය යොදා Voicemail අත්විදීමෙන්ම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමට ඔබට හැකිවේ.
උදාහරණ : සම්බන්ධතාවයන් සහිත එක්සත් රාජධානියේ පාරිභෝගිකයෙකුට ශ්‍රී ලංකාවේදී සිය ගිණුමට ඇතුල්වීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය සිය මවුරටේදී ඇතුලත් කල කෙටි කේත අංකය භාවිතා කරමින් ශ්‍රී ලංකාවේදී මෙම සේවා ලබා ගත හැක.
ඔබේ අංක සෘජුව අමතන්න
රෝමිං පහසුකම ලබාගන්නා පාරිභෝගිකයෙකු හට සිය මවුරටේදී ඇමතුම් ලබාගත් ලෙසම සෘජුව අංකය ඇතුලත් කර ඇමතීමේ පහසුකම මොබිටෙල් රෝමිං විසින් ලබාදෙයි.
උදා : ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පාරිභෝගිකයෙකු මොබිටෙල් රෝමිං සේවා අත්විදින බව තමන් මවුරටේදී සිදුකල අයුරින්ම දුරකථනයේ ඇති අංක සෘජුව ඇතුලත් කර ඇමතුම් ලබාගත හැක.
Travelling Connect සමග ප්‍රසාද ලකුණු ලබන්න
ලොව ප්‍රමුඛතම ඇමතුම් කළමණාකරණ සේවා සපයනු ලබන සමග සම්බන්ධ වෙමින් සේවා සපයනු ලබන ශ්‍රී ලංකාවේ එකම ජංගම දුරකථන ජාලය වන්නේ මොබිටෙල්ය.
මේ තුළින් පිරිනැමෙන ප්‍රසාද ලකුණු හෝ ගුවන් සැතපුම් වරප්‍රසාද ලබා ගැනීමට නම් මෙම සේවාව හා ලියාපදිංචි විය යුතු අතර ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකදීම සිය රෝමිං සේවා ජාලය ලෙස මොබිටෙල් තෝරාගත යුතුය.
සංචාරක සිතියම (සංචාරක මග පෙන්වීම)
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සදහා මෙරට ඵෙතිහාසික ස්ථාන, ආපනශාලා, හෝටල් ඇතුලූ අත්‍යාවශ්‍ය තොරතුරු ඇතුලත් සංචාරක සිතියමක් මොබිටෙල් විසින් පිරිනමනු ලබයි. එය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හා දිවයිනේ ප්‍රමුඛතම හෝටල්වල දී ලබාගත හැක.
ඵෙතිහාසික ස්ථාන වලට පිවිසීමේ කේතය (888)
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පෞරාණික වටිනාකමකින් යුත් ස්ථාන වලට පිවිසීම සදහා ලබාදී ඇති තොරතුරු කෙටි ඇමතුම් සේවාව ඔස්සේ 888 තුළින් ලබාගත හැක. එම තොරතුරු මත පදනම්ව මෙම ස්ථාන පිළිබද තවදුරටත් දැනගැනීම සදහා රෝමිං පහසුකම් ලබාගෙන සිටින පාරිභෝගිකයන්ට ඇමතීමට ද හැක. මේ සදහා ඔබ කළ යුත්තේ 888 අංකනය කර පටිගත කිරීමට සවන්දීමයි.
* කොන්දේසි සහිතයි.
රෝමිං ප්‍රවර්ධන වැඩසටහන්
ඔබ මොබිටෙල් රෝමිං සේවා අත්විදින විට ඔබට ත්‍යාග හා වරප්‍රසාද රැසක් අත් විදීමට අවස්ථාව උදා වෙයි.