මොබිටෙල් සේවාව ලෙස ඔබගේ ඇමතුම් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබද අපට අවබෝධයක් ඇත්තෙමු. ඔබට අවශ්‍ය ඔබගේ ඇමතුම රදවා තබා ගැනීමට ද, නැතහොත් වෙනත් අංකයකට යොමු කිරීමට හෝ කිසියම් ඇමතුමක් අවහිර කිරීම හා සම්බන්ධ සියලූ සේවා මොබිටෙල් වෙතින් පිරිනමනු ලබයි.
මොබිටෙල් පසුගෙවුම් සේවාව අත්විදින ඔබ, ඔබට අනවශ්‍ය යැයි හැගෙන නොම්මර 30 දක්වා අවහිර කිරීමට පහසුකම් ලබයි. අනවශ්‍ය යැයි සැලකෙන අංකවලින් ලැබෙන මෙම ඇමතුම් අවහිර කිරීමට 2565 අංකයට කෙටි පණිවිඩයක් යවා හෝ # 888 # අංකනය කර ස්වයංක‍්‍රීය උපකාරක මෙනුවට පිවිසෙන්න. 2565 ට කෙටි පණිවිඩයක් යොමු කිරීම.
අවශ්‍යතාවය | පණිවිඩය |
ඇමතුම් අවහිර සේවාව ක‍්‍රියාත්මක කිරීම | YESCB |
අවහිර කල යුතු නොම්මර ඇතුලත් කිරීම | ADD <number> |
අවහිර කිරීම සදහා නම් කල නොම්මරයක් ඉන් ඉවත් කිරීම | RM <number> |
අවහිර කිරීමට නම්කල නොම්මර බලා ගැනීම | CB |
ඇමතුම් අවහිර කිරීමේ සේවාවේ කේත අංක ලබා ගැනීම | INFO |
ඇමතුම් අවහිර කිරීමේ සේවාව අක‍්‍රිය කිරීම | NOCB |
ස්වයංක‍්‍රිය උපකාරක මෙනුව භාවිතය # 888 #
# 888 # අංකනය කිරීමෙන් අනතුරුව උපමෙනු අංක 2 ඇතුලත් කර (ක‍්‍රියාත්මක කිරීම් හා අක‍්‍රිය කිරීම්) අනතුරුව උපමෙනු අංක 5 ලබා දෙන්න. (අවහිර කිරීම)
ගාස්තු
කාර්යබහුල වේලාවකදී හෝ ඔබගේ දුරකතනයේ බැටරිය අවම ධාරිතාවක පවතින විට හෝ ආවරණ කලාපයකින් බැහැරව සිටින විට හෝ ඔබට ලැබෙන ඇමතුම මග නොහැර ලබා ගැනීමට Call Forwarding සේවාව උපකාරී වෙයි. මේ තුලින් එවන් අවස්ථාවකදි ඔබට පැමිණෙන සියලූ ඇමතුම් වෙනත් නොම්මරයකට නැතහොත් ස්ථාවර දුරකතනයකට වුවද යොමු කල හැකි අතර එහිදී වෙනත් කෙනෙකුට එම ඇමතුම්වලට පිළිතුරු දිය හැක.
##002# අංකනය කරන්න.