MAIN MENU
Getting Started sinhala
What is mCash? si
mCash allows you to experience a whole new method of carrying out financial transactions by maintaining a Mobile Money Account. This is both convenient and easy to use. You will be able to deposit, withdraw, transfer funds as well as purchase goods and services and even pay your utility bills .
How can I join the Club Magnate program?
Club Magnate is an exclusive rewards based loyalty program designed to recognize & reward customers for their loyalty towards the network. It offers an array of benefits and rewards to its members including discounts through a comprehensive partner merchant network.

 

mCash මගින් අන්තර් ජාලය හරහා ගෙවීම් කරන්නේ කෙසේද?

පළමුව ඔබගේ ජංගම දුරකතනයේ mCash තිබිය යුතු හෙයින්  mCash සිල්ලර නියෝජිත ස්ථානයකට හෝ මොබිටෙල් / සිංගෙර් මෙගා / SLT ශාඛාවකට ගොස් ඔබගේ mCash ගිණුමේ  ශේෂය ඉහල නංවා ගන්න.

  • පියවර 1: වෙළඳ ආයතනයේ වෙබ් පි‍ටුවට පිවිසෙන්න (උදා; www.mystore.lk)
  • පියවර 2: අවශ්‍ය භාණ්ඩ මිළ දී ගෙන Check Out පි‍ටුවට පිවිසෙන්න
  • පියවර 3: ගෙවීම් කිරීමේ ක්‍රමය ලෙස mCash ‍තෝරාගන්න
  • පියවර 4: ඔබගේ ජංගම දුරකතන අංකය හා PIN අංකය ඇතුළත් කරන්න
  • පියවර 5: SMS මගින් ලැබෙන අංක පහකින් යුතු කේත අංකය (OTP) ඇතුළත් කරන්න
  • පියවර 6: ගෙවීම සනාථ කරන්න
  • පියවර 7: ඔබගේ ගණුදෙනුව සනාථ කෙරෙමින් SMS පණිවිඩයක් ඔබ වෙත ලැබෙනු ඇත

අනතුරුව ඔබගේ වෙළඳ ආයතනය වෙත සම්බන්ධ වී ඔබගේ භාණ්ඩ / සේවාව ලබා ගන්න.

 

විශේෂ වෙළඳ වට්ටම් පිළිබඳව පාරිභෝගිකයෙකුට තොරතුරු ලබා ගත හැකි වෙනත් මාර්ග මොනවාද?

  • ඔබගේ මොබිටෙල් දුරකතනයෙන් 369 අමතා Product Offers සඳහා Option 2 වෙත පිවිසෙන්න.

 

ගණුදෙනුව නිසි පරිදි සිදු නොවෙයි, ඊට හේතුව කුමක් ද?

  • පාරිභෝගිකයා mCash සඳහා ලියා පදිංචි වී සිටිය යුතු අතර ප්‍රමාණවත් ශේෂයක් ගිණුමේ පවත්වා ගෙන යා යුතුය.(‘Customer Wallet’ යටතේ ‘Account Balance' පරීක්ෂා කරන්න.)
  • පාරිභෝගිකයා විසින් නිවැරදි PIN අංකය යෙදිය යුතුය.
  • මූලික ගිණුම් හිමියෙකුගේ එක් දිනක ගණුදෙනු සීමාව රු. 10,000 ක් හා උසස් ගිණුමක් හිමියෙකුගේ එම සීමාව රු. 25,000 ක් ද වේ.

 

රක්ෂණ බිල්පත නොගෙවා හිමිකම් ලබා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වීමට වරම් ලබන්නේ කවුරුන් ද? 

  •  තම රක්ෂණ වාරිකය mCash (Own Wallet) මගින් ගෙවන ඕනෑම පාරිභෝගිකයෙක්
  • ඕනෑම මොබිටෙල් ශාඛාවකින් / සිංගර් මෙගා / SLT හෝ පත්කරන ලද mCash වෙළඳ ස්ථානයකින් තම රක්ෂණ වාරිකය ගෙවන පාරිභෝගිකයෙක්

ප්‍රවර්ධනයේ වලංගු කාලය කොපමණද?

  • 2014, පෙබරවාරි 1 දා සිට, 2014 දෙසැම්බර් 31 දක්වා.
 

මගේ මොබිටෙල් දුරකතනය භාවිතා කර, mCash  මගින් ගෙවීමක් සිදු කරන්නේ කෙසේද? 

  • ඔබගේ රක්ෂණ ඔප්පුව ‘Institute Payments’ යටතේ ලියාපදිංචි කර, mCash මගින් ඒ සඳහා පහත උපදෙස් දී ඇති පරිදි ගෙවීම් සිදු කරන්න. 

 

ආයතන ලැයිස්තුව කළමනාකරණය කිරීම

  • පියවර 1:  #111# අමතා ‘Institute Payments’ ‍තෝරාගන්න
  • පියවර 2: ‘Manage Institute List’ ‍තෝරාගන්න
  • පියවර 3: ‘Add Institute List’ ‍තෝරාගන්න
  • පියවර 4: 'Insurance' ‍තෝරාගන්න
  • පියවර 5: රක්ෂණ සමාගම ‍තෝරාගන්න
  • පියවර 6: ඔබගේ PIN අංකය ඇතුලත් කරන්න
  • පියවර 7: ඔබගේ ඔප්පුව සඳහා ඕනෑම නමක් ඇතුළත් කරන්න
  • පියවර 8: ඔබගේ රක්ෂණ ඔප්පු අංකය ඇතුළත් කරන්න
  • පියවර 9: ඔබගේ රක්ෂණ ඔප්පු අංකය නැවත ඇතුළත් කරන්න
  • පියවර 10: ඔබගේ රක්ෂණ ඔප්පු අංකය සනාථ කරන්න
  • පියවර 11: ඔබගේ සෑම ලියා පදිංචි ඔප්පු අංකයකටම අංක හයකින් යුතු යොමු අංකයක් (Reference Number) ඔබ වෙත ලැබෙනු ඇත.
 

ආයතනයට ගෙවීම

  • පියවර 1:  #111# අමතා ‘Institute Payments' ‍තෝරාගන්න
  • පියවර 2: ‘Pay Institute’ ‍තෝරාගන්න
  • පියවර 3: 'Insurance' ‍තෝරාගන්න
  • පියවර 4: රක්ෂණ සමාගම ‍තෝරාගන්න
  • පියවර 5: ඔබගේ PIN අංකය ඇතුළත් කරන්න
  • පියවර 6: ඔබ ගෙවීම කරන්නට බලාපොරොත්තු වන ඔප්පු අංකය ‍තෝරාගන්න
  • පියවර 7: මුදල ඇතුළත් කරන්න
  • පියවර 8: ගණුදෙනුව සනාථ කරන්න
  • පියවර 9: සාර්ථක ගෙවීමක දී ඔබවෙත ඒ බව සනාථ කෙරෙන පණිවිඩයක් ලැබෙනු ඇති
 

මොබිටෙල් / සිංගර් මෙගා / SLT ශාඛාවකදී  ගෙවීමක් කරන්නේ කෙසේද?

  •  පියවර 1: ඔබගේ මොබිටෙල් ජංගම දුරකතන අංකය ලබා දෙන්න
  •  පියවර 2: ඔබගේ රක්ෂණ සමාගමේ නම ලබා දෙන්න
  •  පියවර 3: ඔබගේ රක්ෂණ ඔප්පු අංකය හෝ අංක හයේ යොමු අංකය ලබා දෙන්න
  •  පියවර 4: අදාල ගණුදෙනු ගාස්තු ද සමග වාරික මුදල ලබාදෙන්න
  •  පියවර 5: සාර්ථක ගෙවීමකට පසුව ඔබට ඒ බැව් සනාථ කෙරෙන පණිවිඩයක් ලැබෙනු ඇත

 

පත්කළ mCash වෙළඳ ස්ථානයක දී ගෙවීමක් සිදු කරන්නේ කෙසේද?

  • පියවර 1: ඔබගේ ජංගම දුරකතන අංකය ලබා දෙන්න (ඕනෑම ජංගම දුරකතන අංකයක්)
  • පියවර 2: ඔබගේ රක්ෂණ සමාගමේ නම ලබා දෙන්න
  • පියවර 3: ඔබගේ රක්ෂණ ඔප්පු අංකය ලබා දෙන්න
  • පියවර 4: අදාල ගණුදෙනු ගාස්තු ද සමග වාරික මුදල ලබාදෙන්න
  • පියවර 5: සාර්ථක ගෙවීමකට පසුව ඔබට ඒ බැව් සනාථ කෙරෙන පණිවිඩයක් ලැබෙනු ඇත

ප්‍රවර්ධනය සඳහා එක්ව සිටින රක්ෂණ සමාගම් මොනවාද?

  • සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • සෙලින්කෝ ලයිෆ්
  • සෙලින්කෝ ඉන්ෂූරන්ස් පීඑල්සී
  • ඒ අයි ඒ ඉන්ෂූරන්ස් ලංකා පීඑල්සී
  • යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී
  • ජනශක්ති ඉන්ෂූරන්ස් පීඑල්සී
  • ඒසියන් අලායන්ස් ඉන්ෂූරන්ස් පීඑල්සී
  • එච් එන් බී ඇෂුවරන්ස් පීඑල්සී
  • සීමාසහිත අලායන්ස් ඉන්ෂූරන්ස් ලංකා
  • අමානා තකාෆුල් පීඑල්සී
 

ගණුදෙනු සඳහා ගාස්තුවක් අය කරන්නේ ද?

පහත සඳහන් ආයතන සඳහා රු. 20/- ක ගණුදෙනු ගාස්තුවක් අයකෙරේ.

  • ඒසියන් අලායන්ස් ඉන්ෂූරන්ස් පීඑල්සී
  • අමානා තකාෆුල් පීඑල්සී
 

අනෙකුත් රක්ෂණ ආයතනයන් සඳහා ගණුදෙනු ගාස්තුවක් අය කෙරේද?

නැත, පහත දැක්වෙන අනෙකුත් ආයතනයන්ට කිසිදු ගනුදෙනු ගාස්තුවක් අය නොකෙරේ.

  • සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • සෙලින්කෝ ලයිෆ්
  • සෙලින්කෝ ඉන්ෂූරන්ස් පීඑල්සී
  • ඒ අයි ඒ ඉන්ෂූරන්ස් ලංකා පීඑල්සී
  • යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී
  • ජනශක්ති ඉන්ෂූරන්ස් පීඑල්සී
  • එච් එන් බී ඇෂුවරන්ස් පීඑල්සී
  • සීමාසහිත අලායන්ස් ඉන්ෂූරන්ස් ලංකා 

ගෙවීමෙන් නිද්හස් විය හැකි උපරිම හා අවම රක්ෂණ බිල්පත කොපමණ ද?

අවම ගණුදෙනු මුදල රු. 20/- කි

උපරිම ගණුදෙනු මුදල රු. 10,000/- කි

 

බිල්පත ගෙවීමෙන් නිදහස් කිරීමේ ත්‍යාගය ප්‍රදානය කරන්නේ කෙසේද?

  • mCash ලියාපදිංචිය සහිත පාරිභෝගිකයන්ට - ඔවුන්ගේ mCash වොලට්‍ටුවට බැර කෙරේ
  • අනෙකුත් පාරිභෝගිකයින්ට - ඔවුන්ගේ mCash වොලට්‍ටුවට (නොමිළයේ SIM පැක් එකක් නිකුත් කෙරේ)
 

ගණුදෙනුව නිසි පරිදි සිදු නොවෙයි, ඊට හේතුව කුමක් ද?

මූලික ගිණුම් හිමියෙකුගේ එක් දිනක ගණුදෙනු සීමාව රු. 10,000 ක් හා උසස් ගිණුමක් හිමියෙකුගේ එම සීමාව රු. 25,000 ක් ද වේ..

 

ආරම්භය

පියවර 1 :  #111# අමතා ඔබගේ දුරකතනයේ තිරයමත දිස් වන උපදෙස් අනුගමනය කරන්න.

පියවර 2: ඔබගේ ලියාපදිංචිය සාර්ථකව නිමවීමෙන් පසු, ඔබ වෙත SMS පණිවිඩයක් ලැබෙනු ඇති

Please ensure that your PIN is kept confidential at all times.

ගිණුම් වර්ග

  • Basic Account

#111# ඇමතීමෙන් ඔබට සීමාව රු. 10,000 ක් වන මූලික mCash ගිණුමක් ( Basic Account) සඳහා ලියාපදිංචි විය හැකිය.

  • Enhanced Account

ඔබට අවශ්‍ය වන්නේ නම් ඔබගේ ගිණුම, සීමාව රු. 25,000 ක් වන වැඩි දියුණු කළ උසස් ගිණුමක් ( Enhanced Account ) බවට පත් කර ගත හැකිය. කරුණාකර ඔබගේ ලඟම සිටින මොබිටෙල් සේවා ස්ථානය මගින් අදාල අයදුම් පත්‍රය ඉදිරිපත් කර ඔබගේ ගිණුම, වැඩිදියුණු කළ ගිණුමක් බවට උසස් කර ගන්න.

Downloads

Terms & Conditions (නියමයන් හා කොන්දේසි)

Application Form (අයදුම් පත්‍රය)

User Manual (භාවිතය සඳහා උපදෙස්)