MAIN MENU

HUNGAMA MUSIC

  1. Hungama.com යනු කුමක්ද?

Hungama.com යනු විනෝදාස්වාදය සඳහා ඔබගේ එකම නැවතුමයි. මෙහිදී ඔබට ඔබගේ ප්‍රියතම සංගීතය, වීඩියෝ, රිං ටෝන් සහ ජංගම වෝල්පේපර් සාම්පල ලබා ගැනීමට, තෝරා ගැනීමට සහ බාගැනීමට හැකිය.

ඔබේ විනෝදාස්වාද අඩවිය - Hungama.comසංගීතය, වීඩියෝ, රිං ටෝන් සහ වෝල්පේපර් ලබාදෙයි. විවිධාංග 200,000කින් සමන්විත අපගේ දැවැන්ත පුස්තකාලය හරහා ගවේෂණය කර හොඳම ඉන්දියානු විනෝදාස්වාදයන්ගෙන්  ඔබේ තේරීම බාගන්න - බොලිවුඩ්, භක්තිය, කලාපීය (දෙමළ, තෙළුඟු, කන්නඩ, පන්ජාබි, භෝජ්පූරි, ගුජරාටි, මරාති, බෙංගාලි) සහ තවත් බොහෝ දේ.

ද්වාරයට පහසුවෙන් පිවිසෙන්න: https://m.hungama.com/snglk

  1. Hungama.com හි විනෝදාස්වාදය වෙත ප්‍රවේශ වීමට මම සාමාජිකයෙකු වීමට අවශ්‍යද?

වෙබ් අඩවියේ ඇති සියලුම සංගීත සහ වීඩියෝ අන්තර්ගතයන් ගවේෂණය සහ සාම්පල නැරඹීමට ඔබ Hungama.com හි සාමාජිකයෙකු විය යුතු නැත. අපි ඔබේ ජංගම දුරකථන අංකය සලකා බලන්නේ අන්තර්ගතය බාගත කරන අවස්ථාවේදී පමණි.

  1. විනෝදාස්වාදය සඳහා වූ අන්තර්ගතයන් වෙනත් වෙබ් අඩවි වලින් නොමිලේ බාගත හැකි විට මම එය Hungama.com වෙතින් බාගත කිරීම සඳහා මුදල් ගෙවිය යුත්තේ ඇයි?

Hungama.com විනෝදාස්වාද පරිපථයේ ඇති නවතම සහ උණුසුම්ම අන්තර්ගතයන් පිරිනමයි. ඔබ අපෙන් බාගත කරන අන්තර්ගතය CD ප්‍රමිතියෙන් යුක්ත වන අතර වයිරස හෝ ඔත්තු මෘදුකාංග (spyware) වලින් තොර බව ද අපි සහතික කරමු. තවද අන්තර්ගතයේ මිල කෙතරම් සාධාරණද යත්, වෙබ් අඩවියේ ඇති සියලුම අන්තර්ගතයන් බාගත කිරීමට ඔබට කිසිවක් වැය නොවන තරම්ය. මේ ආකාරයෙන්, ඔබේ සිතැඟි පරිදි කැමති හොඳම විනෝදාස්වාදය නීත්‍යානුකූලව බාගැනීමට අවස්ථාව සැලසේ.

  1. මගේ ජංගම දුරකථනයෙන් Hungama.com ජංගම වෙබ් අඩවියට පිවිසෙන්නේ කෙසේද?

ඔබගේ ජංගම දුරකථනයේ Hungama.com වෙත ප්‍රවේශ වීමට, ඔබ මුලින්ම ඔබගේ ජංගම දුරකථනයේ GPRS සහය ඇති බව සහතික කර ගත යුතුය. ඔබගේ ජංගම දුරකථන සේවා සපයන්නා විසින් ඔබගේ ජංගම දුරකථනයේ GPRS සක්‍රීය කර ඇති බවටද ඔබ සහතික විය යුතුය.

ඉන්පසු ඔබ පහත පියවර අනුගමනය කරන්න:

අ) ඔබගේ ජංගම දුරකථන මෙනුවෙන් අන්තර්ජාල බ්‍රවුසරයට පිවිසෙන්න.

ආ) බ්‍රවුසරයේ https://m.hungama.com/snglk සටහන් කර ක්ලික් කිරීමෙන් එම වෙබ් අඩවියට පිවිසෙන්න.

 

  1. මම මගේ දුරකථනයට අන්තර්ගතයන් බාගත කරන්නේ කෙසේද?

Hungama wap අඩවියෙන් ඔබගේ ජංගම දුරකථනයේ අන්තර්ගතය බාගත කිරීම ඉතා සරලයි.

  • ඔබගේ ජංගම දුරකථන බ්‍රවුසරය භාවිතයෙන් https://m.hungama.com/snglk වෙත පිවිසෙන්න.
  • විනෝදාස්වාද අන්තර්ගතයන් ගවේෂණය කරන්න.
  • ඔබ මිලදී ගැනීමට කැමති අඅන්තර්ගතය මත ක්ලික් කරන්න.
  • Single Download හෝ Value Pack වැනි  සැලැස්මක් තෝරන්න. එම සැලැස්ම යටතේ ඇති බාගැනීම් බොත්තම ක්ලික් කරන්න.
  • අප විසින් ඔබගේ ගෙවීම තහවුරු කළ පසු ඔබේ බාගැනීම ස්වයංක්‍රීයව ආරම්භ වනු ඇත.

 

  1. දායකත්ව ගාස්තු

සංගීත යෙදුම (Music App)

පැකේජය

අන්තර්ගතය

මිල

වර්ගය

දෛනික

සම්පූර්ණ වීඩියෝ නාමාවලිය වෙත ප්‍රවේශය

රු. 6.00+ බදු

දායකත්වය/දිනපතා අලුත් කිරීම

මාසික

සම්පූර්ණ වීඩියෝ නාමාවලිය වෙත ප්‍රවේශය

රු. 118.00+ බදු

දායකත්වය/මාසික අලුත් කිරීම

 

දායකත්වය සඳහා දත්ත ගාස්තු සහ බාගත කිරීමේ සේවාවන් සඳහා ගෙවීම මත පදනම්ව බදු අය කරනු ලැබේ.

  1. මගේ ජංගම දුරකථනය භාවිතයෙන් මගේ සියලුම ගනුදෙනු මට බැලිය හැක්කේ කොතැනින්ද?

Hungama.com ජංගම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් ඔබට එම ජංගම දුරකථන අංකය භාවිතා කර සිදු කර ඇති සියලුම ගනුදෙනු වල විස්තර බලා ගත හැක. ඔබ "My Collection" වෙත ගොස් සියලුම ඇණවුම් අංක හරහා බ්‍රවුස් කළ යුතුය. ඔබට එක් එක් ඇණවුම සහ, ඔබ ජංගම දුරකථනයෙන් බාගත කර ඇති අන්තර්ගතය නැරඹිය හැකිය.

  1. වෙනත් අයට මගේ 'අන්තර්ගත පුස්තකාලය'ට ප්‍රවේශ විය හැකිද?

නැත. ඔබේ Content Library (අන්තර්ගත පුස්තකාලය) යනු ඔබ පුද්ගලිකව මිලදී ගත් අන්තර්ගත එකතුවකි. ඔබ ඔබේ ජංගම උපාංගය හෝ සිම්පත වෙනත් කිසිවකුට ලබා නොදෙන තාක් කල්, වෙනත් කිසිවකුට ඔබේ Content Library යට ප්‍රවේශ විය නොහැක.

 

 

 

  1. මට මගේ Content Libraryයට අසීමිත ප්‍රවේශයක් තිබේද?

 

ඔව්. My Collection වෙත යාමෙන් ඔබට අවශ්‍ය විටෙක ඔබේ අන්තර්ගත පුස්තකාලයට ප්‍රවේශ විය හැක. ඔබට ඔබේ අන්තර්ගත පුස්තකාලයෙන් එක් එක් සංගීත පථයක්, වීඩියෝ පටයක්, රිං ටෝන්  හෝ ජංගම වෝල් පේපරයක් උපරිම වශයෙන් 3 වතාවක් බාගත හැක.

  1. අන්තර්ගතයන් සඳහා මම ජංගම දුරකථනයෙන් ගෙවීම් කරන්නේ කෙසේද?

ජංගම දුරකථනයෙන් අන්තර්ගතයන්  මිලදී ගැනීමේදී ඔබ වෙනම ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවේ. බාගත කිරීමේදී, ඔබ තෝරාගෙන ඇති සැලැස්ම මත පදනම්ව ඔබේ ජංගම සේවා සපයන්නා විසින් ඔබෙන් සෘජුවම අයකර ගනු ලැබේ.

  1. මට මගේ සංගීත පථයන් සහ සංගීත වීඩියෝපට වෙනත් ඕනෑම මියුසික් ප්ලේයර් එකක වාදනය කළ හැකිද?

ඔව්, ඔබගේ දායකත්ව සැලසුම් හෝ තනි මිලදී ගැනීම් සැලසුම් හරහා අන්තර්ගතයන් මිලදී ගත් පසු, ඔබට ඔබේ සංගීතපථයන් සහ වීඩියෝ වෙනත් ඕනෑම මියුසික් ප්ලේයරයක වාදනය කළ හැකිය.

  1. VAS සේවා දායකත්වයෙන් ඉවත් වන්නේ කෙසේද?

DH<>STOP ලෙස සටහන් කර 4864 ට කෙටි පණිවුඩයක් යවන්න.



 

 

Looking for...