MAIN MENU

1.මගේ සිම් පතේ 3G රෝමිං සක්‍රිය කරගන්නේ කෙසේද?
ඔබගේ පසු ගෙවුම් සිම් පතේ ඇමතුම් රෝමිං (Voice Roaming ) සක්‍රිය කරගෙන ඇත්නම්, ඔබට ඔබගේ 3G දුරකතනය මගින් අපගේ සහකරු ජාලයේ 3G රෝමිං භාවිතා කළ හැකිය. එමෙන්ම ඔබට පහත ප්‍රතිලාභ ද අත්විඳිය හැකිය;
  • ලියාපදිංචිය අවශ්‍ය නොවේ
  • අතිරේක තැන්පතු අවශ්‍ය නොවේ
  • අමතර ලියකියවිලි අවශ්‍ය නොවේ
2. 3G භාවිතා කරන්නේ කෙසේද?
ඔබගේ ජංගම දුරකතනයේ ද්විත්ව මෝඩ් පැනලය ( Dual Mode ) විවෘත කර (එය ‍තෝරාගැනීමේ ක්‍රමවේදය දුරකතනය අනුව වෙනස් වේ) 3G වෙත ප්‍රවේශ වන්න.
3. 3G රෝමිං භාවිතය සඳහා මට වෙනම බිල්පතක් ලැබෙන්නේ ද?
ඔබගේ පසු ගෙවුම් විස්තරාත්මක බිල්පතේ 3G රෝමිං ඇතුළු සියලු භාවිතාවල විස්තර ඇතුළත් වේ.
4. රෝමිං අතරතුර මට ජාලයේ ආවරණ ප්‍රදේශය, දුරකතනයේ ගැලපීම, ගාස්තු ආදිය පිළිබඳ තොරතුරු හෝ වෙනත් සහයන් ලබා ගන්නේ කෙසේද ?
මොබිටෙල් රෝමිං හොට්ලයින් +94714 555 555 ඇමතීමෙන් ඔබට තොරතුරු දැන ගත හැකිය
5. රෝමිං ජාලයේ වීඩියෝ ඇමතුමක් සඳහා කොපමණ අයකරන්නේ ද?
ජාලය අනුව ගාස්තු වෙනස් වේ. වැඩි විස්තර සඳහා, මොබිටෙල් රෝමිං හොට්ලයින් අමතන්න +94 714 555 555

 

Looking for...

Roaming