Submitted by dilhara on සඳු, 06/09/2014 - 15:06
ශ්‍රී ලංකාව පිළිබඳ විස්තර
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාව සුන්දර දිවයිනකි. සංස්කෘතික, පුරා විද්‍යාත්මක මෙන්ම පෞරානික වටිනාකම් රැසකින් ශ්‍රී ලංකාව පරිපූර්ණය. ජාතීන් ලෙස, සංස්කෘතික ලෙස මෙන්ම කාලගුණය, වනජීවින්, භූ විශමතා ආදී ක්‍ෂේත‍්‍ර රැසක පුඵල්ව වෙනස්වන අංග වලින් සමන්විත ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ සිත් ඇද බැද ගැනීමට සමත් වෙයි. ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව අනාදිමත් කලක් පටන් පෙර අපර දෙදිග සංචාරක ගමන් මගේ සන්ධිස්තානයකි.
බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පැවති සමයේ සිටම වාණිජ්‍ය නගරය ලෙස ස්ථාපිත වෙමින් වර්ධනය වූ කොළඹ, ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට සමීපව පිහිටා තිබේ. කොළඹින් කිලෝමීටර් කිහිපයක් ඈතින් පිහිටි ශ්‍රී ජයවර්ධනපුර ලංකාවේ දෙශපාලන කේන්ද්‍රස්ථානයයි. ශ්‍රී ලංකාවේ පැවති පුරාණ රාජධානිවල නටඹුන් අදටත් දිවයිනේ උතුරු ඇතුඵ ප්‍රදේශ ගණනාවකින් දැකගන්නට හැක. එමෙන්ම පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ජාතීන් විසින් ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබූ අවදීන් වු අතර එම අතීතයන්හි ඉපැරණි නටඹුන් අදටත් ජීවමානව පවතී.
මිලියන 19 ක් ශ්‍රී ලංකාව තුල වෙසෙන අතර ඉන් 74% ක් සිංහල වන අතර 18% ක් දමිළ වේ. ඉස්ලාම් භක්තිකයන් 7% ක් වෙසෙන ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන්ද 1% ක් ජීවත් වෙයි. කෘෂිකාර්මාන්තය මත පදනම් වු සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනයන් වූයේ තේ, පොල්, රබර් හා කුඵබඩු යනාදියයි. මේ වන විට ඇගලූම් කර්මාන්තය ඇතුඵ කාර්මික අංශය තුලින් සංවර්ධනය කරා පියනැගීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.
වාර්ෂික උෂ්නත්ව සාමාන්‍යය
|
නගරය
|
ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා
|
මැයි සිට අගෝසතු දක්වා
|
සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා
|
|
උපරිම
|
අවම
|
උපරිම
|
අවම
|
උපරිම
|
අවම
|
|
කොළඹ
|
30°C
|
22°C
|
30°C
|
24°C
|
29°C
|
22°C
|
|
මහනුවර
|
31°C
|
17°C
|
29°C
|
21°C
|
28°C
|
18°C
|
|
නුවර එළිය
|
21°C
|
14°C
|
18°C
|
16°C
|
18°C
|
15°C
|
|
ත‍්‍රිකුණාමලය
|
32°C
|
24°C
|
33°C
|
25°C
|
33°C
|
23°C
|
කාළගුණය හා දේශගුණය
සමකය ආසන්නව පිහිටි නිවර්තන කලාපිය රටක් වන ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපවල සිට මධ්‍යම කඳුකරය දක්වා විවිධ වූ දේශගුණ තත්වයක් පවතී. ශ්‍රී ලංකාවට බලපෑ ප්‍රධාන මෝසම් දෙකක් හා අන්තර් මෝසම් දෙකක් පවතී. මෙම මෝසම් ක්‍රියාත්මක නොවන කාලයේදී දිවයිනේ නිරිත දිග උණුසුම් හා තෙත් කාලගුණයක් පවතින අතර සෙසු ප්‍රදේශවල උණුසුම් කාලගුණයක් පවතී.
ඔබට වැදගත්වන සබැඳි